ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන බිශේන් සිං මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මියයන විට ඔහු 77 හැවිරිදි වියේ පසුවිය.
දිගු කලක් රෝගාතුරව සිටි ඔහු මියගොස් ඇති බවට ඔහුගේ පවුලේ ඥාතීන් තහවුරු කර තිබේ.
එසේම ඔහු දඟ පන්දුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ලොවපුරා ජනප්‍රිය වි තිබේ.
ටෙස්ට් තරග 67කදී ඔහු කඩුලු 266ක් දවාගැනීමට සමත්ව ඇත.
බිෂාන් සිං 1966 වර්ෂයේ සිට 1979 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජන කර තිබේ.















































