1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතේ විධි විධාන සංශෝධනය කිරීම සදහා කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කිරීමට හැකි වන පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව තොරතුරු තාක්ෂණය, දැනුම ක්‍රියාවලි බාහිර සේවා සපයන සමාගම් සහ ගිණුම්කරණය ,පරිපාලන හා තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන කාර්යාල වල සේවය කරන කාන්තාවන් සදහා මෙම සංශෝධන ක්‍රියාත්මක බව සදහන්.
නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද සාප්පු හා කාර්යාලයීය සේවක පනතේ කෙටුම්පත සදහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබේ.