පිටකොටුවේ ගින්න හේතුවෙන් ඇතිවූ රෝගී තත්ත්වයන් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ .
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඉන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බවයි .
මෙලෙස හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් විෂ දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් අසාත්මිකතා ඇතිවූවන් බව වාර්තා වේ.
වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා ප්‍රකාශ කළේ එම සියලුම රෝගීන් වයස අවුරුදු 18 ත් 25ත් අතර පසුවන පුද්ගලයින් බවයි .
තවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ එම රෝගීන් කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගැනීම හේතුවෙන් ඔවුන්ට ඒ වනවිට සිදුවන්නට තිබූ ජීවිත හානි අවම වූ බවයි.