රාජපක්ෂ ආණ්ඩුව උපක්‍රම භාවිතා කරමින් ජනතාව හට පහර දුන් බව ලංකා ගුරු සම්මේලනයේ ජොසප් ස්ටාලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ රනිල් විසින් රාජපක්ෂ ආණ්ඩුව හට මේ මර්දනය නැවතීමට කටයුතු කරන ලෙසට ප්‍රකාශ කර ඇති බවත් , මේ ආණ්ඩුව පැහැදිලිවම උද්ඝෝෂණ වලදී හැසිරෙන ආකාරය ඉතාමත් වැරදි බවත් ය.
තවද ඔහු සඳහන් කර ඇත්තේ ආණ්ඩුව පොලීසිය යොදවා පෙළපාලි යන එක තහනම් කර ඊට එරෙහිව කදුළු ගෑස් ,ජල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගිය බවයි.