එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදී මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී ඇති බව වාර්තා වේ.
ඊට පක්ෂය ඡන්ද 120ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී තිබුණි.
රටවල් 45ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාව ද යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී තිබේ.















































