English
සිංහල
06:54 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඇඹිලිපිටිය පොලිසිය පළාත් බලධාරීන්ට සුදු හුණු ගෑවද?. රාජ්‍ය සේවා මාෆියාවට වැට බැඳිය යුතු නැතිද?.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුල පවතින අයහපත් පරිපාලනය නිසා මේ වන විට සිදුකෙරන විඝණනය ද නිසි ලෙස සිදු නොවන බවත්, විදුහල්පතිවරයාගේ වැරදි වැඩ වලට එරෙහිව කටයුතු කරන බවට සැකකරනා පුද්ගලයන්ට පීඩනයෙන් ජීවත් වීමට සිදුව තිබෙන බවත් ගුරුවරුන්ටද, ගුරුවරියන්ට මෙන්ම පාසලේ දරුවන් කිහිප දෙනෙකුටද විවිධ ගැටලු ඇතිකරමින් සිටින බවත් අප දිගින් දිගටම වර්තාකලත්, නීතිය ක්‍රියාත්මක කළ යුතු ඇඹිලිපිටිය මුලස්ථාන පොලීසිය පළාත් අධ්‍යාපන බලධාරීන්ට කිරි පොවා සුද්ද කිරිමට කටයුතු කරන බව පැහැදිලිව දක්නට තිබේ.

    මෙම සියලුම සිද්ධින් පිළිබඳව අප ආයතනයක් ලෙස ඇඹිලිපිටිය මුලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබුණත් , විදුහල්පතිවරයා, ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ සබරගමුව පළාත් අධ්‍යාපන ලේඛම්වරයාගේද කුණු සේදීම වෙනුවෙන් එම පැමිණිල්ල භාවිතා කර තිබේ. නීතිය ලෙස ක්‍රියාත්මක කිරීමට ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට හෝ එහි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අවශ්‍ය නැති බව සහ ඔවුන් සියල්ලෝම, ඉහතින් සඳහන් කළ තිදෙනා සමග එක්ව මාෆියා කල්ලියක් සේ ක්‍රියාත්මක වන බවට ඔප්පු කිරීමට සාක්ෂි ඕනා තරම් අප සතුව තිබේ. යමක් වුවාට පසු පොලීසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුය. යමක් වී තිබුණත් යම් මිනිසෙක් හෝ දරුවෙක් මිය යන තෙක් හෝ යමෙක් ආරවුලක් ඇති කරගෙන බරපතල හානියක් වූ පසු පොලිසිය පොරවල් වී වැඩක් නැත. අප මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ඇඹිලිපිටිය පොලිසියට තවත් පැමිණිලි 5 කට වැඩියෙන් යොමු විය . ඒ විදුහල්පතිට එරෙහිවය. ඊට අමතරව තවත් පැමිණිලි කිහිපයක් යොමු විය. ඒ සියල්ලම සිදුවීමට පෙර අප පැමිණිල්ල යොදා තිබේ.

    “අමුඩ ලේන්සුවෙන් විලි වසා ගැනීමට” උත්සාහ කරනා ප්‍රදේශයේ දේශපාලන අනාථයන් තවමත් මහජන කැමැත්ත හදුනාගෙන නැත. මෙම ප්‍රධානින් කිසිවෙකුගෙන් හෝ, ඔවුන් සමග සබඳකම් තිබෙන පුද්ගලයන්ගෙන් හෝ ඔවුන්ට ඉදිරි මැතිවරණවලදී ඡන්ද නොලැබේ. මෙම “දේශපාලන මඩ ගොහොරුවේ” එරුණු ඔවුන්ට සාමාන්‍ය ජනතාවගේ ඡන්ද නොලැබෙන බවට තේරුම් ගැනීමට හොද ඉඟියක් ඇඹිලිපිටිය පාසලෙන්ම ලැබුණි. එනම් විදුහල්පති අවශ්‍ය බවට පසුගියදා පැවති මහජන උද්ඝෝෂණයයි. දරුවන් 2400 ක් පමණ සිටින පාසලේ විදුහල්පති වෙනුවෙන් පෙනී සිටියේ දෙමාපියන් 120 ක් පමණ වන බව වීඩියෝ දෙස බැලීමේදී පෙනී යයි. විදුහල්පති සහ  ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක යන දෙදෙනාම බේරා ගන්නේ ප්‍රදේශයේ සිටින සියලුම දේශපාලන පක්ෂවලට අයත් දේශපාලන අනාථයන් වේ. මෙම සිද්ධිය නිසා මේ වන විටත් සිදුව තිබෙන්නේ ප්‍රදේශයේ සියලුම දේශපාලන නියෝජිතයන් ජනතාව ප්‍රතික්ෂේප කිරීමයි. නමුත් මේ සිද්ධිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවලට සහ ගාමිණී වලේබොඩ යන මහත්වරුන්ට යම් ජනතා ප්‍රසාදයක් තිබේ. නමුත් ප්‍රශ්නය එතනම බැවින් එම ජනතා ප්‍රසාධය දැඩි ලෙස බලපා නැත. කෙසේ නමුත් පළාත් රාජ්‍ය බලධාරීන්ගේ හැසිරීම “ බල්ලන්ට ලෙලි පොල් දුන්නා වගේ”ය. සමහර දේශපාලන නායකයන්ගේ හැසිරීම “ දී කිරට බළල්ලුත් සාක්ෂි” සේය. ඔවුන්ගේ හැසිරිමද “ආඬි හත් දෙනාගේ කැඳ හැලිය” සේය.

    සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා සබරගමුවේ ගුරුවරුන් දේශපාලනීකරණය වී ඇති බව නොකියා පැවසූ අතර ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පිළිබඳව පැවසූ අදහස් පහතින් නැරඹිය හැකිය.

    එවන් පසුබිමක් තුල පාසලේ තවත් ගුරුවරුන් කිහිප දෙනෙකු ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිගෙන් යම් හිංසනයක් වූ බවට පැමිණිල්ලක් යෙදීමට ගොස් තිබුනේ විදුහල්පතිට එරෙහිවය. ඒ පසුගිය ඉරිදාය. එම පැමිණිල්ල යෙදීමට ගිය ගුරුවරියකට  බැන වැදීමට පොලිස් කාන්තාවක් කටයුතු කර තිබුණි. එසේම පැමිණිල්ල යෙදීමට පෙර විදුහල්පතිවරයාගේ ගුණ වයනා මෙම පොලිස් කාන්තාව පැමිණිල්ල ලිවීම ද ප්‍රතික්ෂේප කරයි. නමුත් එම ගුරුවරියගේ තර්ක හමුවේ ඇයට බනිමින් පැමිණිල්ල සටහන් කරගනීමට වෙනත් නිලධාරිනියක් වෙත යොමුකරයි. ඇඹිලිපිටිය පොලිසියෙන්ම  ලැබුණු හඬ පටයේ මෙම නිලධාරිනියගේ පහත් නින්ධිත  කතා විලාශය සටහන්ව තිබේ. ඇය පැමිණිල්ල යෙදීමට ගිය පුද්ගලයන්ට තර්ජනය කිරීම ඉතාම නින්දිතය. ඇයගේ නම හඬ පටයේ සඳහන් නොවුනත් නම අප වෙත ලැබී තිබේ. ඇය කාන්තාවක් බැවින් නම සටහන් කිරීම අප නොකරන නමුත් ඇය සිදුකරනුයේ ද මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. යමෙක් පැමිණිල්ලක් කිරීමට පොලිසියට පැමිණි විට, වෙනත් කරුණු ප්‍රකාශ කරමින් යුක්තිය ඉල්ලන මිනිසුන්ට ගෙරවීමත් මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වේ. කෙසේ නමුත් පොලිස්  ළමා හා කාන්තා කාර්යාංශය විසින්ම දරුවන් සහ කාන්තාවන් පිඩාවට ලක් කල හැක්කේ උන්මත්ත්කයන්ට පමනි.  

    පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරිනියක් චෝදනා ලත් පිරිමියෙකු සමග තමන්ගේ තිබෙන අනියම් ඇසුරු හෝ වෙනත් දේ මත හොඳ යැයි ප්‍රකාශ කිරීමෙන් සහ   සහ පැමිණිලිකරුවන්ට තර්ජනය කිරීමෙන් පෙනී යන්නේ මෙම පොලිස් කාන්තාවන් පිරිමින් සමග එක්ව කාන්තාවන්ට හිංසා කරන බවයි.

    යමක් සිදු වූ විට එයට අදාළ සාක්ෂි ගෙන සාක්ෂි තිබේ නම් ඒවා අධිකරණයට ඉදිරිපත්කර තමන්ට එන අපවාද වලින් ආරක්ෂාවීම පොලිසියේ රාජකාරිමය වගකීම වේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනු ඒවායේ සේවය කරනා පොලිස් නිලධාරීන්ගේ පොදු දේපලක් නොවේ. එය අයිති මහජනතාවටය. ගැටලුකාරී වාතාවරණයන් නැතත් යමෙක් බේරාගැනීමට අවශ්‍ය වූ විට පොලීසිය සිදුකරනුයේ අක්‍රමවත් පරීක්ෂණයක් සිදුකර එය ප්‍රදේශයේ සිටින රජයේ නීතිඥවරයා වෙත යොමුකිරීමයි. පොලීසිය එම ජඩ වැඩේ කරනුයේ පීඩිතයන් තව තවත් පිඩාවට ලක්කරමිනි. එය පොලිසිය සිදුකරන කූට උපක්‍රමයකි.  අප ඉහතින් සඳහන් කල සියලුම දෙනාගේ සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් යොමුකරනු ලැබූ පැමිණිල්ල, ඇඹිලිපිටිය පොලීසිය විසින් නීතිපතිට යොමුකරන බව ප්‍රකාශ කර තිබේ. නමුත් පළාත් අධ්‍යාපන බලධාරීන් හෝ අපගේ පැමිණිල්ලේ චෝදනා ලත් පාර්ශ්වකරුවන් ගෙන්වා තවමත් එම පැමිණිල්ල නිසි ලෙස විභාග කර නැත.

    අපගේ එම පැමිණිල්ල යොදා තිබෙන්නේ සිව්වන ආණ්ඩුව ලෙසයි. අප එසේ යොමුකර තිබෙන පැමිණිල්ලට ඔවුන් සිදුකර තිබෙන්නේ “වක්කඩේ හකුරු හැංගුවා වැනි” වැඩකි. සමහර පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වන්නේ “පය බරවා යට පිටිකර බෙහෙත් බඳිමිනි”. මේ සියල්ලම එකට එකතුවන විට කාට කාටත් පෙනෙන්නේ හොරා පොලිස් ගේමකි. එය “ පැණි වරකා ගහට හෙන ගැහුවා” වැනි වැඩකි. මේ සියල්ලම මෙසේ ලිවීමට සිදුවන විට ඔවුන්ගේ හැසිරීම “ ඇටි කෙහෙල් කෑ උඟුඩුවන් සේ” වුවත් එය ලෝකෙට නොපෙන්වා සිටි. නමුත් ලෝකය ඔවුන් දෙස බලන්නේ “ උපාසක බළලුන් මියන් දෙක දෙක අල්ලන්නා සේ” ය. මේවා මෙසේ ලියන අප දෙස පොලීසිය බලන්නේ “ කොකාට ඒක වාරයක් ආවොත් කනයාටත් හත් වාරයක් එනවා”, මොකක් හරි දෙයකට පොලිසියට වරෙන්කො කියනා සිතිවිල්ලෙනි.

    මේ සියල්ලම දෙස බැලීමේදී වැරදිකරුවන් 10 දෙනෙක් පමණ නිසා දරුවන්ට සහ දෙමාපියන් මෙන්ම ගුරුන්ද දස දහසකට වඩා පිඩිතව සිටි. එපමණක්ද නොවේ ඉන් තවත් දුෂිත පරපුරක් නිර්මාණය වේ. ඒ අනුව ඇඹිලිපිටිය පොලිසියේ මෙම සිද්ධීන් යට ගැසීමට කටයුතු කරනා නිලධාරීන් සිදුකරන්නේ “අතිසාරේට අමුඩේ ගැසීමකි”. පරපුරක් විනාශ කිරීමට පොලිසියම කටයුතු කිරීම “ වක්කඩේ හකුරු හැංඟීමකි”. නුගත් මෙන්ම රටක් ගැන නොහිතන පොලිස් නිලධාරීන් නොහොත් POLICE යන අකුරු තුනේ අර්තයවත් නොදන්නා පොලිස් නිලධාරීන් කටයුතු කරනුයේ “ වඳුරට දැලි පිහිය අසු උනා සේ” ය.  මෙම මාෆියා කල්ලිය කරනුයේ “අතු කඩා මොරකන්නා සේ” වැඩකි. ඒ අනුව මෙම නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ දුෂණයන් වැසීමට කටයුතු කරන දෙමාපියන් සියල්ලෝම අයත් වන්නේ “ කොහොඹ ගහට කරවිල වල ගියා වගේ” යන උපමාවටය. ඔවුන් සියල්ලෝම එකය.

    කෙසේ නමුත් මේ සියලුම බලධාරීන් ඇතුළු අප හඳුනාගෙන සිටින මාෆියා කල්ලියේ සමාජිකයන් නොදන්නා දෙයක් තිබේ. ඒ “හොරාගේ අම්මාගෙන් පේන ඇසීම” නිසා ඔවුන්ට සිදුවන්නේ “විෂ්ණු දෙවියන් බටකොළ කෑවා” වගේ වැඩක් බවයි. කෙසේ නමුත් ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට අප දොස් නොතබන නමුත්, යම් අපරාධයක් සිදු වුවහොත් අපගේ පැමිණිල්ලට නීතිපති උපදෙස් ලබාගෙන තිබුණත්, නැතත් මුලස්තාන පොලිස් පරීක්ෂකවරයාට වගකීමට සිදුවන බව ට අප අනතුරු හඟවමි. අනෙකුත් පුද්ගලයන් බේරීම වෙනුවෙන් කටයුතු කලේ නම් හෝ නොදැන හෝ එසේ කර තිබීමේ වගකීම නොගෙන එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් වන සබරගමුව පළාත් අධ්‍යාපන ලේඛම්, ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති සහ විමර්ශනවලින් අනාවරණය වන්නා වූ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව ද ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අවසන් වරට දන්වා සිටිමු.

    නීතිපතිගේ වාර්තා කුමන අයුරින් පැමිණියත් එය සිදුවන්නේ අවිධිමත් ලෙස පැමිණිල්ල විභාග කිරීම සහ, පරීක්ෂණ යට ගසා සත්‍ය සිදුවීම නීතිපතිට නොයැවීම නිසා බවද, මෙම සිදුවීමට අවශ්‍ය සාක්ෂි තිබෙන බැවින් නීතිපතිගේ උපදෙස් අවශ්‍ය නැතිබවද අප අවධාරණය කරන්නෙමු. නැවත නැවතත් පොලිසියට පැමිණිලි යොමුවන්නේ පොලිසිය නීතිපොත වසා දැමීම නිසා බවද, ඔබේ නීතිය ක්‍රියාත්මක නොවීම නිසා තව දුරටත් ගැටළු ඇති වී අපරාධ සිදුවිය හැකි බවට අප අවධාරණය කරන්නෙමු.

    නීතිය නොදන්නේ නම් නීතිය, නීතියක් ලෙස ඉගෙන ගත යුතුය. එය නොදන්නේ නම් හෝ නොකරන්නේ නම් නීතිය අව නීතිය නොකර ඔවුන් තම තනතුරෙන් යා යුතුය. එය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටද, සබරගමුව පළාත් අධ්‍යාපන බලධාරීන්ටද පොදු බව අප අවධාරණය කරන්නෙමු. කෙසේ නමුත් ඇඹිලිපිටිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉතාම හොඳ නිලධාරියෙක් බවටද තොරතුරු ලැබී තිබේ. එබැවින් ඉදිරියේදී අමාරුවේ නොවැටී සිටීම ඔහුගේ වගකීමද වේ. එවන් පුද්ගලයන් සුරැකීම අපගේද වගකීම වේ. එසේම අපගේ පැමිණිල්ල අධිකරණයට වාර්තා කර තිබේ නම් මෙම වාර්තාවේ සැලකිලිමත් විය යුත්තේ තර්ජනය කරන ලද පොලිස් කාන්තාව පිළිබඳව සඳහන් කොටස දෙස පමණක් බව කාරුණිකව සලකන්න.

    දකුණේ වැඩිම මත්කුඩු ප්‍රමාණයක් අත් අඩංගුවට ගත්තේ ඇඹිලිපිටිය පොලිසියට අල්ලපු වැටෙනි. එය අධිකරනයට ඉදිරිපත් නොකර සැගවීමට උත්සාහ කලේද ඇඹිලිපිටියේම සහකාර පොලිස් අධිකාරිවරයෙකි. ඇඹිලිපිටියේදී තිදෙනෙකු මිය යන්නේ ද සහකාර පොලිස් අධිකාරිවරයාගේ නියෝගයෙනි. නමුත් ඔවුන්ට තවමත් නීතියක් ක්‍රියාත්මකව නැත. පොලිස් පොඩ්ඩෙක්  කළා නම් මේ වන විටත් ඔහු ගෙදරය. එලෙස ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ යම් අපරාධයක් සිදු වුවහොත් දැන් එයට වගකීමට සිදුවන්නේ පොලිසියටය. පොලිසිය අනුන්ගේ සීනි කිරීම නොකළ යුතුය.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version