පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වෙනුවෙන් ලබන වසරේ සිට රුපියල් මිලියනයක රක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් , ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන හැට ඉක්මවන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව වාර්ෂික අයවැය මඟින් එම ප්‍රතිපාදන ලබා දෙන බවත් , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් සඳහන් .
එමෙන්ම අගමැතිවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ වයස් සීමා වෙනස්වීම මත අය කරනු ලබන වාරික වටිනාකම වෙනස් වීම, සමාජ ආරක්ෂණ බද්දේ සහ එකතු කළ අගය මත බද්දෙහි සිදුවූ සංශෝධන මත බදු මුදල වෙනස් වීම හේතුවෙන් රක්ෂණ මුදල රුපියල් මිලියන හැට ඉක්ම වූ බවයි.















































