හිඟුරක්ගොඩ යුදගනාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳට සහ මාමණ්ඩියට තම නිවසේදී ඊයේ (29) සවස 06.30 ට පමණ උදැල්ලකින් පහර දීම නිසා බරපතළ තුවාල ලද බිරිඳ එතැනම මරුමුවට පත් වී ඇති බව වාර්තා වේ.
මෙසේ මරුමුවට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ යුද ගනාව 906 දරණ නිවසේ පදිංචි හෙට්ටි ආරච්චිලාගේ ලසන්තා සඳමාලි නමැති 27 හැවිරිදි දෙදරු මවකි.
පවුල් ආරවුලක් දුරදිග යාම නිසා මෙම සිද්ධිය සිදුවී ඇති බවට පොලීසිය පවසයි.
සැකකරු තම මාමණ්ඩියටද උදැල්ලෙන් පහර දීම නිසා බරපතළ තුවාල ලද මාමණ්ඩිය මැදිරිගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලට මාරු මාරු කර යවා ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධියේදී සුළු තුවාල ලද ඔවුන්ගේ අවුරුද්දයි මාස අටක වයසෙ සිඟිති දරුවා හා 09 හැවිරිදි දරුවා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලීසිය කියයි.
සැකකරු හා බිරිඳ මැදිරිගිරිය ඇටඹ ඔය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔවුන් සුළු ව්‍යාපාර ව්‍යාපාරයක් පවත්වන අතර ඉකුත් දිනක ඵම වෙළඳසැලේ රුපියල් 15,000 ක අඩුවක් වීම පිළිබඳව දෙදෙනා අතර මතභේදයක් ඇතිවී තිබෙන බව සදහන්.














































