බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1008 සීඝ්‍රගාමී දුම්රිය අද උදෑසන 11.45ට පමණ හීල් ඔය හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
දුම්රියේ එක් රෝද කට්ටලයක් පමණක් මෙසේ පීලි පැනීමකට ලක්ව ඇති අතර , ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියයන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් මේ වන විට ධාවනය වන බව සදහන්.
මෙම මාසය තුළ පමණක් මෙම දුම්රිය උඩරට මාර්ගයේ ධාවනයට බාධා එල්ල කරමින් අවස්ථා 4 ක දී පිලි පෑනීම් වලට ලක්වී ඇති බව වාර්තා වේ.














































