අද දින, විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදා දීමේ අවස්ථාවකට සම්බන්ධ වෙමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ අනිද්දා (1) දිනයේදී විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට සියලු විදුලි සේවකයන් කොළඹට කැදවා දැවැන්ත විරෝධතාවයක නිරත වීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අතර විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක පන්දම් දල්වමින් ඊයේ (29) රාත්‍රියේදීත් විරෝධතා පැවති බව වාර්තා වේ.













































