අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව එදිනට අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙනු ඇති.
එසේම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































