පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලක පසුගියදා හටගත් ගින්නෙන් තුවාල ලැබූ තරුණියක් මියගොස් ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ ගින්නට හසුව බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් මෙලෙස මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ වටවල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියකි.
පසුගිය 27 වනදා පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක හටගත් ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
 
	    	



























 
		    

















