මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී නිවසකට අකුණුසැර වැදීමක් හේතුවෙන් නිවසේ සිටි එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ.
අදාල නිවසේ මව හා පියා නොමැති අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
එහිදී අකුණුසැර වැදීමෙන් නිවසේ තිබූ විදුලි උපකරණවලටද හානි සිදුව තිබේ.
අකුණුසැර වැදීමෙන් පසුව මෙම සොයුරන් තිදෙනා කෑගැසීමෙන් අසල්වැසියන් විසින් එම අවස්ථාවේදීම පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ගොස් ඇත.
මෙලෙස අකුණුසැර වැදීමෙන් රෝහල්ගත කොට ඇත්තේ පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26,19 සහ 16 යන වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකි.














































