English
සිංහල
03:14 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 30, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලලිත් කොතලාවල මැරෙනකන්ම හිරකරගෙන ඉදලා. නීතීවේදීන් සහ පොලීසියත් සම්බන්ධයිලු.

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සිය සොහොයුරියගේ සැමියා වන ලලිත් කොතලාවලගේ මරණය ස්වාභාවිකව සිදු වූවක් නොව ඔහුගේ දේපළ හිමිකර ගැනීමේ අරමුණින් ඔහු වටා රොක්වූ කණ්ඩායම් දෙකකට අයත් සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදු වූ මරණයක් බවට තමා විශ්වාස කරන්නේ යැයි සෙරින් පේෂන් ඉග්මඩැන් ප්‍රනාන්දු විජේරත්න (84) ඊයේ (06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ සාක්‍ෂි දෙමින් පවසා ඇත.

    වසර 30 – 40ක් තිස්සේ ඔහුට හිතවත්ව සේවය කර ඔහුගේ විශ්වාසය දිනාගෙන සිටි සේවකයන් සේවයෙන් පහකර ඔහුව ප්‍රාණඇපයට ගෙන, රඳවාගෙන සිටි කණ්ඩායම් දෙකක සාමාජිකයන් ඔහුගේ දේපළ අත්පත් කර ගැනීමෙන් පසුව ඔහු තවදුරටත් ජීවත්වීම අනවශ්‍ය යැයි සිතා ස්වභාවික මරණයක් කරා ගෙනයන්නට ඇතැයි මහේස්ත්‍රාත් පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් ඇය ප්‍රකාශ කර තිබේ.

    පදිංචිව සිටි නිවසින් ඉවත් කර කාර්යාල භූමියේ රඳවාගෙන සිටි සිය මස්සිනා වන ලලිත් කොතලාවල සමග නිදහසේ කතාබහ කිරීමට හෝ තමන් ඇතුළු කිසිදු ඥාතියෙක්ට ඉඩ නුදුන් බවත්, සිය ඥාතියාව බැලීමට පිටස්තර කාන්තාවක වන නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තියගෙන් අවසර ගැනීමට පවුලේ සමීප ඥාතීන්ට පවා සිදු වූ බවත්, ඉංග්‍රීසි – සිංහල භාෂණ පරිවර්තකවරයෙක්ගේ සහාය ඇතිව සාක්‍ෂි දෙමින් ඇය පවසා ඇත.

    එලෙස එම කාන්තාවගෙන් අවසර ලබාගෙන හෝ ඔහු සමග කතාකිරීමට අවසර ලැබුණේ විනාඩි කිහිපයක් පමණක් බවත්, එවැනි අවස්ථාවලදී පවා නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තිය හෝ ආරක්ෂක නිලධාරීන් ඔහු සමග ඥාතීන් සිදුකරන කතාබහ ජංගම දුරකථන මගින් පටිගත කරන බව දක්නට ලැබුණු බවත්, සාක්ෂිකාරිය සඳහන් කරයි.

    ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කිරීමට අදාළ නඩු කටයුතු ආරම්භ වීමෙන් පසු ලලිත් කොතලාවල රක්ෂිත බන්ධනාගාර භාරයට පත් වූ බවත්,
    ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නගේ කාර්යාලයේදී ඉදිරි නඩු කටයුතු ගැන සාකච්ඡා කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ලලිත් අමරසිංහ සහ ප්‍රියදර්ශන වන්නිආරච්චි නමැති දෙදෙනා නඩු කටයුතු වලට අවශ්‍ය පහසුකම් සපයාදීම සඳහා රුපියල් 10,000 බැගින් ඉල්ලා සිටි බවත්, ඇය පවසා ඇත.

    ලලිත් කොතලාවල ඇප ලබා පැමිණි පසු නිරතුරුවම ඔහුගේ නිවසට පැමිණ විටෙක අධිකරණය හමුවේදී ඇපකරුවන් ලෙසට ද ඉදිරිපත් වූ එම පුද්ගලයන් දෙදෙනා ඔහුගේ හිත දිනාගෙන ඔහුගේ නිල කාර්යාලයේ කටයුතු වලට සම්බන්ධ වූ බවත්, ඔවුන් දෙදෙනා සිය මස්සිනාගේ මනස විකෘති කිරීමට පටන් ගෙන තිබූ බවත්, ඇය පවසයි.

    ලලිත් කොතලාවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වන අවස්ථා වලදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාව තුළ පවා රැඳී සිටි එම පුද්ගලයන් දෙදෙනා පසු කාලීනව ඔහුට අයත් සමාගම් කිහිපයක අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළේ යැයි ද ඇය පවසා ඇත.

    ඉන් වසර දෙකකට පමණ පසු නවක නීතිඥවරුන් වන සමන් ලියනගේ, රීෂ්මි ගොඩැල්ලවත්ත හා දිනේෂ් ජයවීර යන තිදෙනා ලලිත් කොතලාවලගේ කාර්යාලයට පැමිණ ඔහුගේ කටයුතු වලට සම්බන්ධ වූ බවත්, සමන් ලියනගේ නමැත්තාගේ සහෝදරියක වන නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තිය ද පසුව එම කණ්ඩායමට එක් වූ බවත්, සාක්ෂිකාරිය සඳහන් කර තිබේ.

    ලලිත් කොතලාවල පවුලේ අයට අයත් සමාගම්වල සමාගම් ලේකම්වරියක ලෙස රිෂ්මි ගොඩැල්ලවත්ත පසුකාලීනව එක් වූ අතර, මෙකී කණ්ඩායම් දෙකම ඔහුට අයත් දේපළ අත්පත් කර ගැනීමේ පෙර සැලසුමක් ඇතිව ඔහුට සමීප වූ අය වන්නේ යැයි ද සාක්ෂිකාරිය පවසා ඇත.

    එමෙන්ම ලලිත් කොතලාවල රඳවා සිටි කාමරය සහ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීම් පැවැත් වූ ශාලාව සූර්යාලෝකය පවා නොලැබෙන පරිදි කළුපාට ආලේප වලින් ආවරණය කර තිබූ ස්ථාන බව ඇය පවසා තිබේ.

    මෙකී පරිසරයම සිය මස්සිනාගේ මනසට පීඩාකාරී වන අයුරින් සකසා තිබූ අතර, පෙර සමීපව සිටි අය නොව තමන් ඔහුට හිතවත් අය බව ඔහුට පෙන්වීමට ඔවුන් උත්සාහ දැරූ බවත්, පසුකාලීනව දේපළ බෙදා ගැනීම සම්බන්ධයෙන් එම කණ්ඩායම් දෙක අතර ද ගැටුම් ඇති වූ බවත්, ඇය සඳහන් කරයි.

    අසනීප වූයේ යැයි කියන ඔහුව එම කාර්යාලය අසල පිහිටි ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් නොකොට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි රෝහලකට දුර බැහැර ගෙවා රැගෙන ඒම මෙන්ම ඒ පිළිබඳ ලැබුණු තොරතුරු අනුව තමා සහ සිය දියණිය රෝහලට යන විට එහි සිටි නිරෝෂා ප්‍රියදර්ශනී නමැත්තිය තමන්ට මුහුණ නොදී සැගවුණු බව ද සාක්ෂිකාරිය පවසා ඇත.

    ඇය ඔහුගේ ඇසුරට පැමිණි සමයේ ඔහු ඇයට මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසක් පවා මිලදී ගෙන තිබූ බවත්, ඔහුගේ ඥාති දියණියන් දෙදෙනෙක් ඔහු රෝහල්ගත කිරීමට දින දෙකකට පෙර ඔහුව දැකීමට යන විටත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව දැන ගන්නට ලැබුණු බවත්, ඇය සඳහන් කරයි.

    මෙම මරණය නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වී ඇති බවට බම්බලපිටිය පොලිසිය ජනමාධ්‍යයට ප්‍රකාශ කර ඇති බවත්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මරණයට හේතුව ප්‍රකාශයට පත් කර නොතිබියදීත් පොලිසිය එලෙස ජනමාධ්‍යයට පැවසීම සහ අනෙකුත් කරුණු අනුව එම මරණය සිය වාසියට හරවා ගැනීමට නිරතුරුවම උත්සාහ දරන පෙර කී කණ්ඩායම් දෙක හා පොලිසිය එකී මරණය සිදු වූ ආකාරය යටපත් කිරීමට උත්සාහ දරන බවක් තමන්ට හැඟී ගිය බවත්, සාක්ෂිකාරිය පවසා ඇත.

    වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (07) දක්වා කල් තැබිණි.

    (දිවයින)

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version