රත්නපුර දිස්ත්‍රික්කය තුළ පතල් ආශ්‍රිත ශ්‍රමිකයින්, තේ කර්මාන්තයේ නිරත ශ්‍රමිකයින් සහ එදිනෙදා කුලී වැඩවල නිරතවන ශ්‍රමිකයින් ආතරයිටීස් රෝගය හේතුවෙන් වැඩි වශයෙන් පීඩා විඳින බව අනාවරණය වී ඇත.
මේ පිළිබඳව රත්නපුර ශික්ෂණ රෝහලේ භෞතචිකිත්සකවේදී මිතුන් සෙනෙවිරත්න මහතා විසින් ප්‍රකාශ කර ඇත.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම රෝගී තත්ත්වයට ජනතාව නිසි ප්‍රතිකාර ලබා නොදීම හේතුවෙන් සන්ධිවල අස්ථිවල කාටිලේජ ගෙවී ගොස් ඇතැමුන්ට දණහිස් බද්ධ කිරීමට පවා සිදුවන අවස්ථා ඇති බවයි.













































