වැලිමඩ ප්‍රදේශයේ පාසලක රාජකාරි කාලය තුළ ගංජා පානය කරමින් සිටි ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ගුරුවරුන් දෙදෙනා විද්‍යාලයේ ගංජා දුම්වැටි භාවිත කරන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත.
එම අවස්ථාවේ දි ගංජා මිලි ග්‍රෑම් 1900ක් සමග සැකකාර ගුරුවරුන් දෙදෙනා භාවිත කරමින් සිටි ගංජා දුම්වැටි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ වැලිමඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි.














































