බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීම තවදුරටත් කල්යන බවයි.
බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ.ඩී.ආර්.වොල්ගා මහත්මිය ප්‍රකාශ කළේ එහි වැඩකටයුතු එළඹෙන 30 වනදා ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.
මීට ඉහතදී තීරණය කර තිබුණේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු 27 වන එනම් හෙට දිනයේ ආරම්භ කීරීමට වුවත් බොරතෙල් නෞකාවේ ප්‍රමාදය හේතුවෙන් මෙසේ වනදා තෙක් පිරිපහදුවේ කටයුතු කල්යනු ලබයි.
පසුගිය 24 වනදා ශ්‍රී ලංකාවට අඛණ්ඩව බොරතෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටින සිංගප්පූරු සමාගමට නෞකාව මෙරටට ළඟා වීමට නියමිතව තිබුණි.
එම නෞකාව අද (26) දිනයේ කොළඹ වරායට ළඟාවීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
එමෙන්ම ඒ සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම ,විනිමය ගෙවීම් ඇතුළු සියලු අවශ්‍යතාවයන් මේ වන විට සාර්ථකව සම්පූර්ණ කර ඇති බව ද බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.














































