English
සිංහල
22:20 බ්‍රහස්පතින්දා, මැයි 28, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රුපියල් බිලියන ලක්ෂයක් මහජනතාවට ගෙවන්න!. කමල්ට එන්තරවාසි

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා රජයේ ලියපදිංචි, නීත්‍යානුකූල මාධ්‍ය ආයතනයක් වන රාවණා ලංකා මාධ්‍ය ජාලයේ නිල පුවත් වෙබ් අඩවිය වන www.ravanalankanews.lk වෙබ් අඩවියට ආරක්ෂක නිශ්කාෂණ වාර්ථා ලබා නොදීම ආදී හේතු ගණනාවක් මත රුපියල් බිලියන ලක්ෂයක මුදලක් රටේ මහජනතාවටත්, රුපියල් බිලියන 10 ක මුදලක් රාවණා ලංකා පුවත් වෙබ් අඩවියේ හිමිකරුට ත් ගෙවන ලෙස දන්වා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේඛම් කමල් ගුණරත්න මහතා වෙත එන්තරවාසි යොමුකර තිබෙි.

    මෙම මාධ්‍ය ආයතනයේ හිමිකරුවන ජී.පී. නිශ්ශංක නොහොත් ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා විසින් මෙම එන්තරවාසිය යොමුකර තිබේ.

    මහජන තනතුර දේශපාලනීකරණය කිරීම ,නීතිවිරෝධී කුමන්ත්‍රණයක් කරමින් ඒ වෙනුවෙන් වංචනික ලෙස මහජනතාව පෙළඹීම ,මහජනතාව වෙනුවෙන් සේවය කරන ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව නීතී විරෝධී කටයුතු කරමින් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලීම, මහජන ආරක්ෂාව නිසි ලෙස සැලසීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කිරීමට නොහැකි වීම, මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය අවහිර කිරීම, එය වැළැක්වීමට විවිධ නීතිවිරෝදී උපක්‍රම භාවිතා කිරීම, අයුතු බලපෑම්, අයුතු අවහිරය ආදී හේතු ගණනාවක් සදහන් කරමින් ඒවායින් රටේ පුරවැසියන්ටත්, රාවණා ලංකා ආයතතනයේ හිමිකරුටත් සිදුව තිබෙන හානීන් වෙන වෙනම ගෙවන ලෙස එහි සදහන් කර තිබේ.

    සම්පුර්ණ එන්තරවාසිය පහතින් කියවන්න,

    1981 දී කැඩෙට් නිළධාරියෙකු ලෙස ශ්‍රීලංකා යුද හමුදාවට බැඳී ඇති ඔබ යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස විශ්‍රාම ගොස් මේ වන විට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේඛම්වරයා කටයුතු කරයි.


    ශ්‍රීලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සිටිමින් “රණ මග ඔස්සේ නන්දිකඩාල්” නමින් පොතක් ලියමින් ශ්‍රී ලාංකිකයන් මෙන්ම, මාද නොමග යවමින් පැවති යුද්ධයේ සැබෑ තතු සඟවමින් එවකට පැවති යහපාලන රජයට එරෙහිව ඔබ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක නියැලුණු අතර එම කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් ලෙස ඔබ මේ වන විටත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේඛම්වරයා ලෙස කටයුතු කරයි.


    ඔබ විසින් ලියා තිබෙන එම පොත 2020 පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම ඉලක්කරගෙන තිබේ. එහිදී ඔහු යුධ වීරයෙක් ලෙස හොවා දක්වා තිබෙන අතර ඔබ එම පොත ලියන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටියදීය. රාජ්‍ය තනතුරක සිටියදී දේශපාලනය කල නොහැකි බැවින් ඉන් ඔබ මටත්, රට වැසියන්ටත් දැඩි වංචාවක් කර තිබේ. නීති විරෝදී කටයුත්තක් කිරීම වෙනුවෙන් ලියා තිබෙන අසත්‍ය කරුණු අඩංගු එම පොත හේතුවෙන් මාද ශ්‍රී ලංකා වාසී ජනතාවද පීඩාවට පත්ව සිටින අතර ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ තෝරා පත්කරගැනීමට සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවම නොමග යැවූ මුලිකම කරුණක් වුයේ ඔබ ලියා තිබෙන මෙම රණමග ඔස්සේ නන්දිකඩාල් නම් වූ එම ග්‍රන්ථයයි.


    යුද හමුදාවෙන් විශ්‍රාම ගිය ඔබ විශ්‍රාම ගිය දිනට පසු දිනම අදාල පොත ජනගත කරමින් ඔබ ශ්‍රීලංකා යුද හමුදාවේ දෙවනියා ලෙස සිටිමින් එවකට පැවති මහජන රජයට එරෙහිව කටයුතු කරමින් එම රජය පෙරලීමේ කටයුත්ත ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා විශ්‍රාමික හමුදා නිළධාරින් මෙන්ම විශ්‍රාමික භටයන්ද අතපය නොමැතිව ආබාධිත සිටින හමුදා රණවිරුවන්ද යොදාගනිමින්, පැවති මහජන රජයට එරෙහිව උසි ගන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එම ආබාධිත රණවිරුවන් පාරට බස්සවා මහජන රජය ජනතාවට එපා කරන ලදී. එහිදී ආබාධිත රණවිරුවන්ට ඔබ විසින් ලබා දෙන බවට පොරොන්දු වූ කිසිවක් මේ වන තෙක්ම ලබා දී නැති අතර ඔවුන්ට ලබා දී තිබූ වරප්‍රසාද ද ඔබ විසින් අහිමි කර තිබේ.


    ඒ අනුව ඔබ නිරත වූ මැතිවරණ ව්‍යාපාරය වංචනික ව්‍යාපාරයක් වූ අතර පුරවැසියකු ලෙස මාද රටේ අනෙක් ජනතාවද රැවටීමට ලක් කරන ලදී. එවකට සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයටද ඔබ වගකිව යුතු අතර ඔබගේ දේශපාලන ව්‍යාපාරයෙන් රාජ්‍ය පාලනය බිඳවැටි තිබු නිසා එම ප්‍රහාරයට ඔබද වගකිව යුතුය. එම ප්‍රහාරය ද ඔබගේ දුෂිත දේශපාලන ව්‍යාපාරයේ කොටසක් විය. ඔබගේ රාජ්‍ය විරෝධී ක්‍රියාවලිය මත සිදු වූ වංචනික ක්‍රියාවලියෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාද ජනාධිපති වූ අතර ඔබ එම රජයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස රාජ්‍ය සේවයේ නියැලී සිටී.


    එම තනතුර ලබා ගැනීම වෙනුවෙන් ඔබ කූට දේශපාලන ව්‍යාපාරයක නිරත වූ අතර ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් තනතුර දේශපාලන තනතුරක් බවට පත්කරන ලදී. එයින් රටේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉහලම රාජ්‍ය තනතුර හෑල්ලුවට ලක් වූ අතර රාජ්‍ය අස්ථාවර විය.


    වර්තමාන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිහාණියට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයෙක් වන්නේද වන්නේ ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේඛම් ලෙස ඔබයි.


    ඔබ ආරක්ෂක අමාත්‍යංශ ලේඛම් ලෙස මහජන තොරතුරු දැනගැනීමට ඇති අයිතිය වසා දමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු වලට මාධ්‍යවේදීන් සහභාගි වීමට තිබූ අයිතිය ලිඛිතව තහනම් කර තිබේ. එය රටට පාඩුවක් මෙන්ම මහජන තනතුරක් වන ආරක්ෂක ලේකම් තනතුර ජනතාවට එරෙහිව භාවිතා කළ එක් අවස්තාවක් පමණි. එවන් අවස්ථා ගණනාවක් තිබේ.


    2022 මාර්තු මස 31 දින හෝ ඊට පෙර හෝ සිට පසුවත් රට අරාජික වෙමින් පහරදීම් මිනීමැරුම් ආදී බොහෝ දේ සිදු වූ අතර, මේ වන විටත් එය සිදු වේ. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ඒවා වැළැක්වීමට ඔබ අපොහොසත් වී ඇති බැවින් එයින් රටට සිදු වූ පාඩුව බිලියන ගණනාවකි. අරගල සමයේ රට තුළ සිදු වූ සියලු අපරාධ සිදු වූයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස ඔබගේ අයහපත් කල්ක්‍රියාව, අදක්ෂතාවය සහ මහජන තනතුර අවභාවිතා කරණු ලැබීම හේතුවෙනි.


    2022 මැයි 09 වනදා සිදු වූ ප්‍රහාරයෙන් පසු මේ වන තෙක්ම දිගින් දිගටම රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටී තිබෙන අතර මේ සියලුම ක්‍රියා නිසා මගේ පුද්ගලික ආරක්ෂාව තර්ජනයට ලක්ව තිබෙන අතර රාජ්‍යයේ මහජනතාවටද ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට නොහැකිව සිටි. ඔවුන්ට භියෙන්, තැති ගැන්මෙන් ජීවත්වීමට සිදුව තිබෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේඛම් තනතුර ඔබට එරෙහිව සිටින පුද්ගලයන්ගේ පුද්ගලික පලිගැනීම් වෙනුවෙන් භාවිතා කරන බැවිනි.


    2022 වර්ෂයේ පැවති මහජන අරගලයේදී සමහර හමුදා නිලධාරීන් මහජනතාවට එරෙහිව කල නීතිවිරෝදී කටයුතු සාක්ෂි සහිතවම මගේ මාධ්‍ය ආයතනයේ නිළ වෙබ් අඩවිය වන www.rawanalankanews.lk වෙබ් අඩවියේ පලකරන ලදී. එසේම ඔබ විසින්ද සිදුකර තිබෙන විවිධ නීතිවිරෝදී ක්‍රියාවන් ද මාගේ වෙබ් අඩවිය තුල පළකර තිබේ. රට තුල පවතින මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියට අනුව ඒවාට ඔබ විසින් පිළිතුරු ලබා දී නිවැරදි කරගත යුතු වුවත් පවතින නීතියට කටයුතු නොකර 2023 අප්‍රේල් මස පස් වන දින හෝ ආසන්න දිනකදී මා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඒ පිළිබඳව ප්‍රශ්න කරන ලදී. ඉන් මා දැඩි කම්පනයටත් පීඩාවටත් ලක් වූ අතර ආර්ථික වශයෙන්ද දැවැන්ත හානියක් සිදු විය.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේඛම් ලෙස, මාධ්‍ය ක්‍රියාකාරිත්වය සහ ඒවායේ හැසිරීම වෙනුවෙන් පනවා තිබෙන නීතියට සහ ආචාර ධර්මවලට අනුව කටයුතු කිරීමට ඔබ අපොසත්ව තිබේ.


    තවද මෙම වෙබ් අඩවිය අමතරව මාධ්‍ය ආයතනයද රජයේ ලියාපදිංචි කර තිබේ. එසේ පිළිගත් ආයතනයකින් පලකරන ලද පුවතක් පිලිබඳව ඔබ වහා ප්‍රතිචාර දක්වා එයට ප්‍රතිචාර ලබා දිය යුතුය. අප පළකරනුයේ අපගේ ප්‍රශ්න නොව යම් පීඩිත පන්තියක්, හෝ පුද්ගලයෙකු විසින් සාක්ෂි සහිතව ලබා දෙන තොරතුරු බැවින් ඒවාට වහ වහා ප්‍රතිචාර ලබා දී නිවැරදි කර ගත යුතු වූවත් ඒවා නිවැරදි කර ගැනීමට ඔබ මේ වනතෙක්ම කටයුතු කර නැත. එසේ වුවත් ඒවාට එරෙහිව ඔබ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේඛම් ලෙස ඔබට ලැබී තිබෙන මහජන බලය නීතිවිරෝදීව මට සහ මගේ ආයතනයට එරෙහිව භාවිතා කරමින් සිටී. එය සමස්ථ රට වැසියන්ට එරෙහිව ඔබ භාවිතා කරමින් සිටී


    පවතින නීතියට අනුව ඔබ කළ යුතුව තිබුනේ එම ලිපි වල සඳහන් ව තිබුනු කරුණු වලට පිළිතුරු ලබා දී ඒවා නිවැරැදි කර ගැනීමයි. එවිට ඔබ එසේ පිළිතුරු ලබා දුන්නේ නම් අපගේ පුවත්වල යම් කිසි වරදක් තිබේ නම් ඒවා නිසි ආකාරයෙන් නිවැරදි වන අතර ඔබට එරෙහිව යම් කිසි කණ්ඩායමක් යුද හමුදාවේ හෝ වෙනත් ආයතන වල සිටී නම් ඔවුන් තවදුරටත් ඔබට එරෙහිව තොරතුරු ලබා දීම වැලැක්වේ. පුවත් වාර්තා කිරීමේදී සිදු විය යුත්තේ එයද වන අතර අප සෑම වාර්තාවකම සටහන කර තිබෙන්නේ අවශ්‍ය තොරතුරු ලබා දී එම පුවත් නිවැරදි කරගන්නා ලෙසයි. එසේ සටහන්ව තිබුනත් මේ වන තෙක්ම එය නිවැරදි කර ගැනීමට ඔබ අපොහොසත්ව සිටී. ඒ අනුව ඔබ රට තුළ පවතින නීතියට ගරු නොකරනා පුද්ගලයෙක් වන අතර එවැනි නීතිමය දැනුමක් නොමැති පුද්ගලයෙක් බැවින්ද, ඔබ නීතිය නොදන්නා බැවින්ද, මා පුද්ගලිකව අපහසුතාවයට පත්ව තිබේ. එයින් මට තව දුරටත්, දිගින් දිගටම දැවැන්ත හානියක් සිදු වෙමින් තිබේ.


    රාවණා ලංකා මාධ්‍ය ජාලයට අයත් නිල වෙබ් අඩවිය වන www.rawanalankanews.lk පුවත් වෙබ් අඩවිය රජයේ ලියාපදිංචි මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේද අනුමැතිය ලබාගෙන තිබේ. පුවත් පළ කිරීම සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවසර ලබා ගත යුතු නැති වූවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බැවින් ජනමාධ්‍ය අමාත්‍යාංශය අපට ලබා දී තිබෙන ආචාරධර්ම පද්ධතිය ඔස්සේ මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යයි. නමුත් 2023 වර්ෂ සඳහා මෙම වෙබ් අඩවියට අවශ්‍ය ආරක්ෂණ නිෂ්කාශණ වාර්තා ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා සිදු කළ වූවත් එම නිලය උසුලන ඔබ මේ වන තෙක්ම එය කිරීමට අපොහොසත්ව තිබේ. එයින් දිගින් දිගටම මට දැඩි හානියක් පාඩුවක් සිදු වෙමින් පවතින අතර මහජනතාවගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිමටද බාධා ඇතිව තිබේ.


    තවද 2022 අරගල සමයේ අප වාර්තා කල සියලුම වාර්තා කිරීම් නිශ්චිත ලෙසම සිදු කළ අතර එම වාර්තා කිරීම් කර ඇත්තේ පැහැදිලිවම සාක්ෂි සහිතවය. නමුත් අප එසේ කරන ලද වාර්තා කිරීම් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බවත් ආරක්ෂක ලේකම් ,පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ද ප්‍රතිරූපයට හානි වන ලෙස එම පුවත් පළ කර තිබෙන බව ඔබගේ බලය මත ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දන්වා තිබුණි. එමගින් ඔබ මා වෙත නීතිවිරෝදී බලපෑමක් කරන ලද අතර මාගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට දැඩි හානියක් එල්ල කරන ලදී.


    ඒ අනුව එම ලිපියට අප විසින් විමර්ශනයක් ඉල්ලා තිබෙන නමුත් එය තවමත් ක්‍රියාත්මකව නැත. තවද අප ඒ පිලිබඳ ව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබෙන අතර ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ. එම පෙත්සමටද මේ වන තෙක්ම පිළිතුරු ලබා දීමට ඔබ අපොහොසත්ව තිබේ. තවද ඔබ ජනමාධ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සදහන් වන්නේ මට අයත් www.ravanalankanews.lk වෙබ් අඩවිය ජාතික ආරක්ෂාවට තර්ජිත ලෙස පවත්වාගෙන යන වෙබ් අඩවියක් ලෙස පෙන්වීමට උත්සාහ කිරීමයි. ඉන් මා භීතියටත්, ත්‍රාසයටත් පත්වී සිටින අතර ඔබ මාගේ යහපැවැත්මට අණතුරු හගවා තිබේ

    ඒ අනුව 2023 වර්ෂයට අදාල බලපත්‍ර ලබා ගැනීමට නොහැකිව තිබේ. එය 2024 වර්ෂයටද බලපා තිබේ. ඔබ විසින් සිදු කර තිබෙන බවට අප වෙබ් අඩවිය සඳහන් කර තිබෙන පුවත් නිසාද, ඔබ ඇතුලු ආරක්ෂක අංශය වල සේවය කරන නීතිවිරෝදී ක්‍රියා සිදුකරනා හමුදා සහ පොලිස් සාමාජිකයින් ද අප අනාවරණය කර තිබෙන බැවින්ද, ඔබ ආරක්ෂක ලේකම් ලෙස ඔබට පවතින බලය අවභාවිතා කරමින් අදාළ නිශ්කාශන වාර්තා ලබා දී නොමැත.


    ඒ අනුව පවතින නීති රාමුව යටතේ කටයුතු නොකරන ඔබ රාජ්‍ය ආරක්ෂක ලේකම් තනතුර අවභාවිතා කරමින් ඔබගේ පෞද්ගලික අවශ්‍යතා මත මහජන තනතුර අවභාවිතා කරන බැවින් ඔබගේ දූෂිත ක්‍රියාවලියට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමටද මට සිදුව ඇත. ඒ සදහා අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් වෙමින් පවතී. ඔබගේ මෙම කූට, ද්වේශ සහගත මෙන්ම අපකීර්තිමත් හැසිරීම නිසා මා හට ජාත්‍යන්තරයට යාමට සිදුව තිබෙන අතර ඉන් සිදු වන්නේ ශ්‍රී ලංකාවේ මහජන හමුදාවටත් පොලිසියටත් දැවැන්ත හානියකි. එම හානියට ඔබ පුද්ගලිකව ඔබ වග කිව යුතු අතර රටක් ලෙස ගත් විට එයද මිලකළ නොහැකි මහජන අලාභයකි. රටේ මහජන හමුදාවන් මෙන්ම පොලිසියට සිදුවන හානිය සිදුවන්නේ ඔබගේ මෙම දුෂිත, නීතිවිරෝධී, අපකීර්තිමත් ක්‍රියාවලිය හේතුවෙනි.


    ඒ අනුව ඔබගේ නීතිවිරෝදී ක්‍රියාවලිය තුල බිලියන ගණනාවක පාඩුවක් මට සිදුව තිබෙන අතර ශ්‍රී ලංකාවේ සිටින වංචනිකයන් දූෂිතයන් කවුරුන්ද යන්න මහජනතාව දැනගත යුතු බැවින්ද මහජන තනතුරක සිට සිදු කරන වංචා දූෂණ අක්‍රමිකතා සියල්ල වාර්තා කිරීමට අප නීතියෙන්ම බැදී සිටින බැවින්ද ඒවා වාර්තා කිරීමට ඉඩ ලබා නොදීමෙන් ඔබ තවදුරටත් අපට මෙන්ම රටේ මහජනතාවටද දැඩි හානියක් සිදු කර තිබේ.

    ආරක්ෂක හමුදාවල් වල සිටින සියලු සාමාජිකයින් අයත් වන්නේ මෙරට මහජනතාවටය. මහජනතාව ඔවුන්ට වැටුප් ගෙවන්නේ එබැවිනි. ඔවුන්ට අවශ්‍ය නිසි උසස් වීම්,නිසි ලෙස ලැබිය යුතු ස්ථාන මාරු වීම් ආදි සියල්ල ලබා දිම, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස ඔවුන්ගේ මානසික නිදහස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම ක්‍රියාත්මක කිරීම් සිදුකරන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස ඔබය. මහජනතාව වෙනුවෙන් ඔවුන්ට යුක්ති සගත ලෙස ජීවත්වීමට අවශ්‍ය පරිසරය ඔබ නිර්මාණය කල යුතු වුවත්, එය එසේ කිරීමට ඔබ අපොහොසත්ව තිබේ. නමුත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස ඔබ ආරක්ෂක හමුදාවල් වල සිටින ඔබගේ ක්‍රියාවලියට අකමැති, ඔබට එරෙහි බව විශ්වාස කරන ඔබට අකැප ජේෂ්ඨ හමුදා නිළධාරින් ගණනාවකගෙන් පළිගැනීම් රාශියක් සිදු කර තිබේ. ඔබ එසේ සිදු කිරීමේදී එම නිලධාරීන් රාජකාරිය නිසි ආකාරයෙන් සිදු නොකරන අතර එහි පාඩුව සිදු වන්නේ රටේ මහජනතාව වන අතර එය රාජ්‍ය ආරක්ෂාවට දැඩි තර්ජනයකි. මේ වන විටත් එය සිදුව තිබේ. ශ්‍රීලංකාවේ පුරවැසියකු ලෙස මටද එය දැඩි ලෙස බලපාන අතර එය ශ්‍රීලාංකික පුරවැසියන් සියලු දෙනාටම මිලකළ නොහැකි අලාභයක් හා හානියකි.


    ඒ අනුව ඉහත සඳහන් කළ හා මෙහි දීර්ඝ වශයෙන් සඳහන් නොකල, ඔබගේ විවිධ දුෂිත , අකටයුතුකම් ගණනාවක් නිසා මට දැඩි මානසික පීඩනයක්ද දැඩි අලාභයක් ද සිදුව තිබෙන අතර ශ්‍රීලාංකික පුරවැසියකු වන මටත් සියලු ශ්‍රීලාංකික පුරවැසියන්ටත් ඔබගේ මෙම දුෂිත, ද්වේශ සහගත කටයුතු නිසා දැඩි අලාභයක් සිදුව තිබේ.


    ඒ අනුව ඉහත සදහන් කරුණු සියල්ලටම ඔබ පුද්ගලිකව වගකිව යුතු බැවින්, ඔබ විසින් රට වැසියන්ට සහ මට විරුද්ධව සිදුකර තිබෙන සියලුම නීතිවිරෝදී ක්‍රියා හේතුවෙන් එම අලාභයන් දෙකම අයකර ගැනීම වෙනුවෙන් නඩු පැවරීමට නඩු නිමිත්තක් උපචය වී තිබේ.

    ඒ අනුව දීර්ඝකාලීන සැලසුමක් මත, ඔබ විසින්
    මහජන තනතුර දේශපාලනීකරණය කිරීම ,නීතිවිරෝධී කුමන්ත්‍රණයක් කරමින් ඒ වෙනුවෙන් වංචනික ලෙස මහජනතාව පෙළඹීම ,මහජනතාව වෙනුවෙන් සේවය කරන ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව නීතී විරෝධී කටයුතු කරමින් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලීම, මහජන ආරක්ෂාව නිසි ලෙස සැලසීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කිරීමට නොහැකි වීම, මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය අවහිර කිරීම, එය වැළැක්වීමට විවිධ නීතිවිරෝදී උපක්‍රම භාවිතා කිරීම, අයුතු බලපෑම්, අයුතු අවහිරය, ජනාමාධ්‍ය ආයතනය පවත්වාගෙන යාමට නොහැකිව තිබීම, මටද බියෙන් සහ සැකයෙන් ජීවත් වීමට සිදුව තිබීම හේතුවෙන් දිගින් දිගටම නින්දා සහ අපහාස විදීමට, දැඩි මානසික පීඩනයෙන් සහ ආයතනය පවත්වාගෙන යාමට නොහැකිවීම ආදී ඔබ මට එරෙහිව සිදුකරනා නීතිවිරොදී කටයුතු නිසා සිදුව තිබෙන පාඩුව රුපියල් බිලියන දහයක් ලෙස තක්සේරු කර සිටිමි.


    තවද මහජන තනතුර දේශපාලනීකරණය කිරීම ,නීතිවිරෝධී කුමන්ත්‍රණයක් කරමින් ඒ වෙනුවෙන් වංචනික ලෙස මහජනතාව පෙළඹවීම, මහජනතාව වෙනුවෙන් සේවය කරන ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව නීතී විරෝධී කටයුතු කරමින් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලීම, මහජන ආරක්ෂාව නිසි ලෙස සැලසීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කිරීමට නොහැකි වීම, මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය අවහිර කිරීම, එය වැළැක්වීමට විවිධ නීතිවිරෝදී උපක්‍රම භාවිතා කිරීම, මහජනතාවට මෙන්ම මටද බියෙන් ජීවත් වීමට සිදු වීම ආදී මහජන විරෝධී කරුණු ගණනාවක් හේතුවෙන් මා ඇතුලු ශ්‍රී ලංකාවේ මහජනතාවට පොදුවේ සිදුව තිබෙන පාඩුව රුපියල් බිලියනයක් ලෙස තක්සේරු කර සිටිමි.

    ඒ අනුව මට පුද්ගලිකව ලැබිය යුතු රුපියල් බිලියන 10 ක මුදල මෙය ලැබී දින 14 ක් ඇතුලත මා වෙත ගෙවන ලෙසත් මහජනතාවට ගෙවිය යුතු රුපියල් බිලියන ලක්ෂයක මුදල මෙය ලැබී දින 14ක් ඇතුලත රජයට ගෙවන ලෙසත් මෙයින් ඔබට දන්වා සිටිමි.


    එකී මුදල් එසේ ගෙවීමට ඔබ අපොහොසත් වුවහොත් මෙහි සඳහන් මුලික කරුණුත්, මෙහි සඳහන් නොවන වෙනත් කරුණුත් ඔස්සේ ඔබට විරුද්ධව සෘජුවම නඩු පැවරීමට හෝ ඔබ මීට මාස කිහිපයකට පෙර මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් මට විරුද්ධව පවරනවා යැයි ප්‍රකාශ කරන නඩුවෙහි හරස් ඉල්ලීමක් ලෙස හෝ ඔබට විරුද්ධව මෙම නඩුව පවරන බවද කාරුණිකව දන්වා සිටිමි.

    ලෙස සදහන් කර කමල් ගුණරත්න, 1336/3, 6 වැනි පටුමග, බෝගහවත්ත පාර, පන්නිපිටිය වන කමල් ගුණරත්න මහතාගේ පෞද්ගලික ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට කටයුතු කර තිබේ.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version