English
සිංහල
07:39 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කුණු ගද ගස්සමින්, ගුරුන් විසින්ම විනාශ කරන පාසලක්. ආයෙත් පොලීසියට පැමිණිල්ලක්.

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කෙළවරට තියෙන ප්‍රධාන නගරයක් වන්නේ ඇඹිලිපිටිය නගරයයි. එම නගරයේ පිහිටි ප්‍රධාන පාසලක් වන උඩගම මහා විද්‍යාලය වසර ගණනාවක් පැරණි කීර්තිමත් පාසලකි. එම පාසලේ විදුහල්පති ඇතුලු නූගත් ගුරුවරුන් කිහිප දෙනෙකුගේ දුෂිත ක්‍රියාවලිය නිසා ඊයේ (20) නැවතත් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ නීතිවිරෝධීව අත්සන් කරගත් ලිපියක් පිළිබඳව ය.

    එම පාසලේ විදුහල්පතිගේ වංචා දූෂණවලට එරෙහිව පසුගිය මැයි මස දී එවකට පළාත් ලේකම්වරිය වූ සුජානි විජේතුංග මහත්මියට පැමිණිල්ලක් භාරදී තිබුණි . ඒ පාසලේ ආදි සිසුන් 6 දෙනෙකුගේ අත්සන් සහිතවය. නමුත් එම පැමිණිල්ලට එරෙහිව ක්‍රියාත්මක වීමට ඇය කටයුතු නොකළ බව අප වාර්තා කරන ලදී . එයට හේතුව කුමක්ද යන්නද අප සොයාගෙන තිබේ .

    කෙසේ නමුත් මහජනතාව මාණ්ඩලික නිලධාරීන්ට වැටුප් ගෙවන්නේද , මහජනතාව විසින් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් , බදු රහිත වාහන පර්මිට් පවා මහජනතාවගේ මුදලින් ලබා දෙන්නේ තම රාජකාරිය අකුරටම කළ යුතු බැවිනි. එසේම වර්තමාන පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණු ආරච්චි විසින් ද මේ වෙනුවෙන් ගත යුතු නිසි ක්‍රියාමාර්ගයන් ගෙන නොමැති බව අප දිගින් දිගටම වාර්තා කළේය. එයටද හේතු අප සමහර අවස්ථාවල ඉදිරිපත් කර තිබේ . නමුත් චාමර බමුණුආරච්චි මහතාගේ ක්‍රියාකලාපයන් පිළිබඳව ඔහු රාජකාරී කළ ස්ථානවල ක්‍රියාකලාපයන් ඥාති සංග්‍රහ ආදීය පිළිබදව අප වෙනමම වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ . ඒ මේ පාසලේ විනාශය පිටුපස සහ ගැටුම් ඇතිකිරීම පිටුපස ඔහුද සිටින බැවිනි.

    කෙසේ වෙතත් පළාත් අධ්‍යාපන ලේකම් ලෙස හිටපු ලේකම්වරියත් , වර්තමාන ලේකම්වරයාත් , පළාත් ලේකම් ලෙස වර්තමාන පළාත් ලේකම්වරයාත් ඇඹිලිපිටිය මහා විද්‍යාලය සම්බන්ධයෙන් කළයුතු තම රාජකාරීන් නිසි ලෙස ඉටු නොකරන බව අප දිගින් දිගටම වාර්තා කර තිබේ . ඔවුන් කළ යුතු රාජකාරිය නොකිරීම නිසා මේ වන විට ඇඹිලිපිටිය පොලිස් ස්ථානය තුළ පැමිණිලි ගණනාවක් වාර්තා වී තිබේ. මේවාටද ගත යුතු ක්‍රියාමාර්ග ඇඹිලිපිටිය පොලීසිය විසින් ගත්තාදැයි යන්න සැක සහිතය. නමුත් ඒ පිළිබඳව ද අප වෙනමම වාර්තාවකින් ඉදිරිපත් කිරීමට කටයුතු සකසා තිබේ.

    ඊයේ (20) දිනයේද පාසලේ ගුරුවරයෙක් විසින් මෙම පැමිණිල්ල ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට යොමු කරන්නේ, ඔහුගේ නම භාවිතා කරමින් යම් කිසි ලේඛනයකට දෙමාපියන්ගෙන් අත්සන් ගැනීම පිළිබඳව සහ ඊට එරෙහි වෙමින් ය.

    ඊයේ (20) උදෑසන සිට දෙමාපියන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලේඛනයක් ලබා ගැනීමට ගුරුවරු කිහිප දෙනෙකු සහ පාසල් සංවර්ධන සමිතියේ ප්‍රධානීන් කිහිප දෙනෙකු කටයුතු කරන ලදී. අප මාධ්‍යවේදීන් ඊයේ උදෑසන සිටම එහි රැදී සිටියේය. ඊට අමතරව ඊයේ (20) 11 වසරේ දරුවන් සදහා වන පන්ති රැස්වීම ද තිබුණි. එහිදී විදුහල්පතිවරයා දෙමාපියන්ට හට ප්‍රකාශ කලේ, ගුරුවරු තිදෙනෙක් පාසලේ ගැටලු ඇති කරන බවත් , ඔවුන් පාසලෙන් ඉවත් කළ යුතු බවත් ය. ඒ සදහා දෙමාපියන් ලෙස කුමක් හෝ සිදු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරන ලදී .

    එහිදී පැමිණි දෙමාපියන් සියලු දෙනාටම අත්සන් ලේඛනයේ අත්සන් තබන ලෙසත් , ඔහු කුමක් හෝ කරන බවත් ප්‍රකාශ කරන ලදී . කෙසේ නමුත් ඔහු මෙහිදී මෙම ගුරුවරුන් තිදෙනාගේ නම් ප්‍රකාශ කලේ නැත (පටිගත කිරීම් සහිතයි) නමුත් ඔවුන් තිදෙනා කවුරුන්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. පසු ගිය දිනෙක පැවති දෙමාපිය රැස්වීමේදී ඔවුන්ගේ නම් ප්‍රකාශ කළේය.

    ඊයේ (20) සිට දෙමාපියන් නොමග යවමින් මෙම අත්සන් ලබා ගැනීම මෙම ගුරුවරුන් සහ දෙමාපියන් කිහිප දෙනෙකු විසින් සිදුකර තිබුණේ පාසලේ මේ වන විට පීඩනයට ලක්ව සිටින එම ගුරුවරුන් තිදෙනාට එරෙහිවයි. එම ගුරුවරුන් තිදෙනාට එරෙහි වීමට විදුහල්පතිවරයා කටයුතු කරනු ලබන්නේ මෙම ගැටලු විදුහල්පතිවරයාගේ මෙම වංචා , දූෂණ අක්‍රමිකතා එළියට දීම සදහා මොවුන් විසින් යම් කටයුත්තක් කළ බවට සැක කර හෝ විදුහල්පතිවරයාගේ මෙම දූෂිත ක්‍රියාවලියට ඔවුන් එරෙහි වීම නිසාය.

    එසේම තවත් ගුරුවරුන් කණ්ඩායමක් මෙම පාසලේ අවුරුදු 10 සම්පූර්ණ කර තිබෙන අතර ඔවුන්ට ද ස්ථීර වශයෙන්ම ජනවාරි මාසයේදී ස්ථාන මාරුවීම් ලබාදෙන බව පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන ලදී .ඒ හේතුවෙන් මෙම අවුරුදු 10 සම්පූර්ණ කරන ලද ගුරුවරුන් කිහිපදෙනා ද එකතුව මෙම ගුරුවරුන් තිදෙනාට සහ එම ගුරුවරුන් තිදෙනා සමග සමීප සම්බන්ධකම් තිබෙන අනෙක් ගුරුවරුන්ට ද දැඩි ලෙස බලපෑම් කරමින් මීට සතියකට පමණ පෙරද ඔවුන්ට එරෙහිව ගුරුවරුන්ගෙන්ද ලිපියකට අත්සන් කරගෙන තිබුණි.

    විදුහල්පතිවරයා සේම අවුරුදු 10 ට වැඩි කාලයක් සම්පූර්ණ කර තිබෙන ගුරුවරුන් යැයි සිතා සිටින්නා වූ ත්‍රාඪ ගුරුවරුන් බොහෝ දේවල් පටලවාගෙන තිබේ . මෙවැනිම සිද්ධියක් අවුරුදු එකහමාරක් තිස්සේ අප ලියන, රත්නපුර ඇලෝසියස් විද්‍යාලය හා සම්බන්ධව වාර්තා ගනණාවක් ඉදිරිපත් කරන ලදී . එහිදී ද සිදු වූයේ ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් පිරිමි ළමයින් අපයෝජනය කළ සිද්ධියකි. එහිදී ද විදුහල්පතිවරයා බේරා ගැනීම සදහා දූෂිත ගුරුවරුන් , දූෂිත පොලිස් නිලධාරීන් සහ දූෂිත ආදි ශිෂ්‍ය සංගමය මෙන්ම දේශපාලනඥයින් දැඩි වෙහෙසක් ගන්නා ලදී. නමුත් එහි අවසාන ප්‍රතිඵලය ලෙස පසුගිය සතියේ විදුහල්පතිවරයාට උපකාර කළ ආදි ශිෂ්‍ය සංගමයේ 5 ස් දෙනෙකුට පමණ නඩු පැවරී රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමට සිදු විය. ඇඹිලිපිටියේ දී ද සිදු වීමට නියමිතව ඇත්තේ මෙහි අනෙක් පසය. සැබැවින්ම ගැටලු ඇතිකරන ගුරුවරුන් කිහිප දෙනෙකුටද, දෙමාපියන් කිහිප දෙනෙකුටද හිරේ යෑමට සිදු වීමයි . විදුහල්පති ඔවුන්ව පාවා දී නිහඩවනු ඇත. එසේම ඇඹිලිපිටිය මහා විද්‍යාලය හා සම්බන්ධ සිද්ධියේදී මෙම ගුරුවරුන්ගේ හැසිරීම නින්දිත ත්‍රාඪ සහ ගුරුකමට නොගැළපෙන අයුරින් බව අපට මේ වන විටත් සාක්ෂි ලැබී තිබේ. ඔවුන් ගුරුවරුන්ට තර්ජනය කරන ආකාරය , ඔවුන් දරුවන්ට විවිධ ප්‍රකාශ කරමින් පාසලේ ගුරුවරුන් තිදෙනෙක් ඉවත් කිරීමට කටයුතු කිරීමට දරුවන් සමග ඔවුන් ත්‍රස්තවාදීන් බව ප්‍රකාශ කිරීම් ආදි බොහෝ දේ සිදුකරති පසුගිය සතියේ ගුරුවරුන්ට පවා බලපෑම් කිරීමට මෙම ගුරුවරු කිහිප දෙනෙකු කටයුතු කලේය.

    ඊයේ දෙමාපියන්ට බලපෑම්කර තිබුනේ, පාසල අභ්‍යන්තරයේ ගුරුභවතුන්ටද බලපෑම් කර බලහත්කාරයෙන් ඔවුන්ගෙන් අත්සන් ලබා ගැනීමට කටයුතු කරන, එසේ අත්සන් ලබා දීමට අකමැති ගුරු භවතුන්ට තර්ජනය කරන K.V රංජිත් ගේ ප්‍රධානත්වයෙන් සහ මහේෂ් පළිහවඩන, ග්‍රේහා, ධම්මිකා, U.R.S.බණ්ඩාර යන නමට පමණක් ගුරුවරුන් වූ බවට අප විශ්වාස කරන පුද්ගලයන් ය.

    මොවුන් පාසල් වේලාව තුළ එම පෙත්සම අත්සන් කිරීම සඳහා පාසලට නුදුරු කඩයට ගොස් “දෙමාපියන්ට අපිත් අත්සන් කරනවා බය නැතුව අත්සන් කරන්න” ලෙස ද ප්‍රකාශ කරන ලදී.

    මීට අමතරව 11 වන ශ්‍රේණියට අදාලව පැවැත්වූ දෙමාපිය රැස්වීමේදී දෙමාපියන්ට ලබාදුන් අත්සන් ලේඛනයද අදාල පෙත්සමට අමුණා තිබෙන බව අපට දැනගන්නට තිබේ.

    ගුරු වෘත්තියට නොගැළපෙන නූගත් ගුරුවරුන් සිදු කරනා ක්‍රියාදාමයක් පිළිබදව වීඩියෝ සහ පටිගතකිරීම් ගණනාවක් අපට ලැබී තිබේ. ඔවුන් සිතා සිටින ආකාරයට අපට මෙතරම් තොරතුරු ලැබෙන්නේ ඔවුන්ට එරෙහිව සිටින ගුරුවරුන් තිදෙනා ගෙන්, ඔවුන් සුපිරි පන්තියේ වැඩකරුවන්‍ ය. නමුත් රාවණා ලංකා මාධ්‍ය ආයතනය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබදව මෙවැනි නූගත් ගුරුවරුන්ට තේරුම් ගැනීමට ශක්තියක් නොමැති බව ද අප මීට පෙර ද සදහන් කර තිබේ .

    අප මීට පෙර ඇඹිලිපිටිය මහා විද්‍යාලය හා සම්බන්ධව වාර්තා කරන සියලු පුවත් ඔබට පහතින් කියවිය හැක. මෙතරම් වාර්තා ප්‍රමාණයක් පළ කළත් මේවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට සබරගමු පළාත් රාජ්‍ය බලධාරීන් සහ ඇඹිලිපිටිය පොලිස් ස්ථානය, අකමැතිනම් හෝ ඔවුන්ට අවශ්‍යතාවයක් නැතිනම් හෝ අපට කියන්නට තිබෙන්නේ ඔබටත් ඔබේ දරුවන්ටත් මතු දිනෙක කුමන හෝ ආකාරයකින් මෙවැනි ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

    සොබාදහම වෙනස් බැවින් නීතිය නොකරන්නේ නම් නීතිය නොකරන්නා වූ පුද්ගලයන්ට ඔවුන්ගෙන් යැපෙන්නන්ට මෙවැනි ආකාරයෙන්ම වෙනත් ගැටලුවලින් හෝ දඩුවම් විදීමට සිදුවන බව රාවණා ලංකා මාධ්‍ය ජාලය අපි මතක් කර සිටින්නෙමු.

    මේ පිළිබඳව සියලු පුවත් ඔබට පහතින් කියවිය හැක.

    විදුහල්පතිගේ වැරදි වහගන්න මහජනතාව උද්ඝෝෂණයකට පොළඹවයි!. පළාත් සභාව වැරදි වලට උපකාර කරයි!.

    සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව පළාත් කාර්යාලයෙන් මෙහෙයුමක්.

    පළාත් ලේකම් තම දුෂිත දේශපාලන ගෝලයන් රකිද්දී මහජන ගැටළු දිස්ත්‍රික් සම්බන්ධීකරණයට. සමහර මන්ත්‍රීවරුත් දුෂිතයන් වෙනුවෙන් කරුණු කියයි.

    දුෂණ චෝදනා ලත් විදුහල්පතිවරයා මාරු කරනවාට විරෝධය පා ගුරුවරයෙක් ආණ්ඩුකාරවරයාගේ අම්මා මතක් කරමින් අසභ්‍ය ලෙස බැන වදී.

    ප්‍රධාන ශිෂ්‍ය නායකයාට ගුරුවරුන්ගෙන් තර්ජන!. ළමා හා කාන්තා කාර්යාංශයත් දරුවාට බලපෑම් කරයි!

    පාසලක උණුසුම් තත්ත්වයක් . බලධාරීන්ගේ මුනිවත රෙද්ද පල්ලෙ බේරෙයි.

    ඇඹිලිපිටිය විදුහල්පතිට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා – ඔහු සුරකින අධ්‍යාපන බලධාරීන් රාජ්‍ය ත්‍රස්තවාදයක.

    ඇඟ තිබුණට මොලේ නැති OIC කෙනෙක්” පුවතට ඇඹිලිපිටිය SSP ක්ෂණිකව ක්‍රියාත්මක වෙයි. පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා සහිත පැමිණිල්ලක්!

    ඇඹිලිපිටිය විදුහල්පතිට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා – ඔහු සුරකින අධ්‍යාපන බලධාරීන් රාජ්‍ය ත්‍රස්තවාදයක.

    ඇඹිලිපිටියේ විදුහල්පතිගේ ඔලුවට පොල් . – ” රාවණා ලංකා පුවත් සේවයට” එරෙහිව පොලීසි යති.

    ඇඹිලිපිටියේ විදුහල්පතිවරයෙක් දැරියක් අපයෝජනය කරලා. පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පරිපාලනයේ ගැටළු . අධ්‍යාපන බලධාරීන් ආදී ශිෂ්‍ය සංගමය වටේ යවයි!

    පොලීසියෙන් අවසන් වූ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මහා සභාව. රාවණා ලංකා වෙබ් අඩවිය පුළුල් තිරයේ.

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති මාරුකරන්න එපා – මුදිතාගෙන් ඉල්ලීමක්!

    ප්‍රධාන ශිෂ්‍ය නායකයාට ගුරුවරුන්ගෙන් තර්ජන!. ළමා හා කාන්තා කාර්යාංශයත් දරුවාට බලපෑම් කරයි!

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version