කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව අද (21) පස්වරු 4.00 නිකුත් කරන ලද එම නිවේදයේ සඳහන් කර ඇත්තේ හෙට (22) අලුයම 1.00 වන තෙක් එම නිවේදනය වලංගු වන බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාවත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර ඇතැම් ස්ථානවලට මි.මී 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් , ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේනදයේ සඳහන් කර ඇති බව වාර්තා වේ .