මෙරට රජයේ රෝහල් රැසක සිරින්ජර සිරින්ජර හිඟයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය සේවකයින් පවසන බව වාර්තා වේ .
ඔවුන් සඳහන් කරන්නේ අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය සැපයුම් අත්හිටුවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
ඇතැම් සිරින්ජර ඇතුළත ජල වාෂ්ප සහ විවිධ තෙල් වර්ගවලින් අපිරිසිදු වී තිබීම පිළිබඳව පැමිණිලි ලැබීම හේතුවෙන් සැපයුම් අත්හිටුවා ඇති අතර මිලිලීටර 10 සහ මිලිලීටර 20 සිරින්ජර තොග වෛද්‍ය සැපයීම් අංශයේ නොමැති බව සෞඛ්‍ය සේවකයින් වැඩි දුරටත් සඳහන් කරයි.
එමෙන්ම දැනට මිලිලීටර 5 ප්‍රමාණයේ සිරින්ජර කුඩා ප්‍රමාණයේ තොගයක් රෝහල් තුළ ඇති බවත් ,
මිලිලීටර 20 සහ මිලිලීටර 10 සිරින්ජර අවශ්‍යතාවයන් සඳහා කුඩා සිරින්ජර වැඩි වශයෙන් භාවිතා කිරීම හේතුවෙන් එම සිරින්ජර තොගය ද ඉදිරි මාසයේදී අවසන් වනු ඇති බවත් සෞඛ්‍ය සේවකයින් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.














































