උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට නානුඔය දක්වා සීමා කිරීම යටතේ අද (23) රාත්‍රී කොටුව හා නානුඔය, නානුඔය හා කොටුව අතර විශේෂ මගී දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .
දැනට පවතින අයහපත් කාලගුණික් තත්ත්වය අනුව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කළ බව පැවසු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ බදුල්ල හා කොළඹ, කොළඹ හා බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක වෙනුවට මෙම විශේෂ මගී දුම්රිය දෙකක් ධාවනය කෙරෙන බවයි .
මේ සඳහා බලවේග දුම්රිය දෙකක් යොදවා ඇති අතර තැපැල් ලිපි හා පාර්සල් ප්‍රවාහනය නොකරන බව ද සඳහන් .
මෙම විශේෂ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.20 ට හා නානුඔය දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.30ට පිටත් වීමට නියමිතව තිබේ .














































