සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
වාර්තා වන ආකාරයට සජිත් ප්‍රේමදාස මහතාට සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති බවත් ඔවුන් එම ධුරවල කටයුතු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය මෙම නඩුව ගොනුකර තිබේ.














































