ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙන්නේ අත්හිටුවා තිබූ ඩෙංගු මර්දන රාජකාරි යළි ආරම්භ කිරීමටයි.
වාර්තා වන ආකාරයට ඒ සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය සඳහන් කළේ, දීමනා ඉහළ නංවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තම සාමාජිකයින් මේ වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.














































