ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසලට පැමිණ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීමට විරෝධය දක්වමින් අද (24) උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ.
ටෙලිකොම් විකිණීමට, සේවක වරප්‍රසාද කප්පාදුවට සහ අයිතිවාසිකම් කඩකිරීම්වලට එරෙහිව විරෝධය දක්වන බවට එම විරෝධයට එක්ව සිටි දහසක පමණ වූ ටෙලිකොම් සේවකයෝ පැවසූ බව සදහන්.














































