හල්දුම්මුල්ල , පූනාගල , ගල්බොක්ක ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී ඇති බැවින් එහි පදිංචි පවුල් 49 ක පුද්ගලයන් 202 දෙනකු ආරක්ෂිතව ඉවත් කළ බව වාර්තා වේ .
තේ වත්තක් ආශ්‍රිතව බෑවුම් සහිත ඉඩමක නායයාම සක්‍රිය වී ඇති අතර ඊට පහළින් පිහිටි නිවාස පේළියක පදිංචිව සිටි පිරිස් මෙසේ ඉවත් කර තිබෙන බව සඳහන් .
මෙම නිවැසියන් පදිංචිව සිටි නිවාස පේළියද ඉරිතලා පුපුරා ඇති අතර මෙම ස්ථානය පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට නියමිතව තිබේ .
ඉවත් කළ පවුල් පුනාගල අංක දෙක දෙමළ විදුහලේ සහ ගල් බොක්ක දිවා සුරකුම් මධ්‍යස්ථානයේත් ඥාති නිවෙස්වලත් රඳවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දීමට සැලසුම් කර ඇති බවත් හල්දුම්මුල්ල ආපදා සහන සේවා නිලධාරී ජී. අයි. පුෂ්පකුමාර ප්‍රකාශ කරන ලදී .














































