රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 74 වන නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එම නිවේදනයේ ඇතුළත් කර ඇත්තේ පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන නිදහස් දින සැමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා එදින දිවයින පුරා ඇති සුරා සැල් සහ බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බවයි.
එමෙන්ම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එදිනට මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් ද වසා තබන ලෙස දැනුම් දී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.














































