ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට සිමෙන්ති පැටවූ ට්‍රක් රථයක් පෙරළී යාමෙන් එහි සිටි කම්කරුවන් පිරිසක් මෙලෙස මිය ගොස් තිබේ .
අනතුරෙන් තුවාල ලැබු කිහිප දෙනෙකු රෝහල්ගත කර ඇති අතර මියගිය පුද්ගලයන් සඳහා රුපියල් ලක්ෂ 03ක වන්දි ලබාදීමට කටයුතු කරන බව ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නවීන් පට්නායික් ප්‍රකාශ කර තිබේ .















































