දකුණු ඉන්දීය සිනමා නිළියකට එල්ලවූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ .
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජනප්‍රිය සිනමා නිළි වනිතා විජයකුමාර් බව සඳහන් .
වාර්තා වන ආකාරයට ප්‍රහාරය හේතුවෙන් ඇයගේ මුහුණට බරපතළ තුවාල සිදුව ඇති අතර මාධ්‍ය වෙත ඇය පවසා ඇත්තේ ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ හඳුනානොගත් පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි.
ඇය චෝදනා කර තිබෙන්නේ BiggBossTamil7 රියැලිටි වැඩසටහනට අදාළ සිදුවීමක් මුල්කරගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි.















































