ඔලුබොඩුව ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සිදුකළ පරික්ෂාවේදී මත්කුඩු ප්‍රවාහනය කරන අලුත් ක්‍රමයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවට පොලීසිය පවසයි.
සැකකරු හෙරොයින් මත්කුඩු පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන දැඩි පරීක්ෂාවට ලක් කළත් මත්කුඩු සොයාගැනීමට නොහැකි වී තිබේ.
පසුව ඇති වු සැකයක් මත පැලඳ සිටි අත්ඔරලෝසුවේ පිටුපස කවරය ගලවා සිදුකළ පරීක්ෂාවේදී ඒ තුළ මත්කුඩු පැකට් තුනක් ඉතා සූක්ෂමව අසුරා තිබිය දී සොයාගැනීමට සමත් වූ බවට පොලීසිය පවසයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් වන අතර, ඔහු මෙලෙස මත්කුඩු පැකට් විවිධ ප්‍රදේශවලට බෙදාහැර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක කළමනාකරු ලෙස සේවය කරන අයෙක් බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
සැකකරුව හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරගහහේන පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි.














































