තායිලන්තයේ පැරා මලල ක්‍රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු වන 29 හැවිරිදි Chaturong Suksuk විසින් සිය මංගල දිනයේ දී ඔහුගේ මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුද සියදිවි හානි කරගෙන තිබෙන අතර ඔහු මෙලෙස වෙඩි තබා ඇත්තේ සිය මනාලියට, ඇයගේ මවට, සහෝදරියට සහ තවත් පුද්ගලයෙකුට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අවස්ථාවේ වෙඩි වැදීමෙන් තුවාල ලැබු මංගල උත්සවයේ අමුත්තන් තිදෙනෙකු ද රෝහල් ගත කර ඇති බව සඳහන් වන අතර කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්වේ.
මනාලයා හදිසියේම මංගල සාදයෙන් පිටව ගොස් තුවක්කුවක් රැගෙන විත් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවත් මනාල යුවළ අතර වයස් පරතරය සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මෙම සිදුවීමට හේතුවන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
29 හැවිරිදි Chaturong Suksuk විවාහා වී ඇත්තේ 44 හැවිරදි Kanchana Pachunthuek නම් කාන්තාව සමඟයි.















































