ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල , මලිත්තගොල්ල ප්‍රදේශයට අවදානම් නාය යාමක් සක්‍රීය වී තිබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .
කරඳගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ කන්ද, ඇල්ල වැල්ලවාය මාර්ගයට කොයි මොහොතක හෝ නාය යාමට ඉඩ ඇති බවත් , මේ වන විට ගල් සහ මඩ මාර්ගය කරා ගලා එමින් පවතින බවත් ආපදා අංශ නිරීක්ෂණය කර තිබෙන අතර එම තත්ත්වය මත ඇල්ල – වැල්ලවාය මාර්ගයට එම ස්ථානයෙන් ඉතා අනතුරුදායක තත්වයක් මතු වී තිබෙන බව සඳහන් .














































