වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමිණ වසර 200ක් පිරිම නිමිතිකරගෙන ලංඩන් බිම්බම් පදනම මගින් සංවිධානය කරන ලද චිත්‍ර ප්‍රදර්ශණයක් 24, 25, 26 යන දිනවලදි හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි.
වතුකම්කරු ජනතාව ඉන්දියාවේ සිට ශ්‍රිලංකාවට පැමිණ වසර 200ක් ගතවන මෙම අවස්ථාවේදි එදා සිට මේ දක්වා එම පිරිස් ගත කරන ජිවන රටාවන් මෙම චිත්‍රවලින් නිරුපනය කිරිමට එම චිත්‍ර ශිල්පින් පියවර ගෙන තිබුණි.
වතුකරය ඇතුළු විවිධ ප්‍රදේශවල පාසල් සිසුන් ඇතුළු වැඩිහිටියන්ගේ තෙලි තුඩින් මෙම චිත්‍ර නිර්මාණය කර ඇති බවට එම සංවිධානයේ නිලධාරිනියක් පැවසිය.
මෙම චිත්‍ර ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රදර්ශණය කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරිනිය වැඩි දුරටත් පැවසිය.














































