ශ්‍රී ලංකාව සහ කොරියාසමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සඳහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව යෝජිත ගිවිසුමට අත්සන් තැබීමටත් එකී ගිවිසුම අත්සන් කිරීමට පහසුකම් සැලසීම සඳහා සම්බන්ධීකරණය කිරීමට දේශගුණ විපර්යාස පිළිබඳ ඒකාබද්ධ කමිටුව පිහිටුවීමටත් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන් .














































