කොටි ළමා සොල්දාදුවන් මෙන් ඇඳුම් අන්දවා සයනයිඩ් වැනි යමක් ගෙලෙහි රඳවා දරුවන් තිදෙනකු උතුරේ කොටි සැමරුමකට යොදාගැනීම සම්බන්ධව යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් වීශාන්තගේ මහතාගේ නියෝග මත විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයන් සිහි කිරීමට යාපනය කෝපායිහි සුසාන භූමියෙහි පැවැති උත්සවයක් සඳහා මෙම දරුවන් තිදෙනා එක්කරගෙන ඇති අතර එම දරුවන් තිදෙනාගේ දෙමාපියන් හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සඳහන් .















































