යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් .
යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ක්‍රිර්යෝල් ඩුඩනෝව් කටයුතු කරන අතර ඔහුගේ බිරිඳ වන මරියානාට මෙලෙස වස දී තිබේ .
වසර දෙකකට වැඩි කාලයක් යුක්‍රේන හමුදාව, රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නේ ක්‍රිර්යෝල් ඩුඩනෝව්ගේ හමුදා බුද්ධි අංශ දෙන උපදෙස් අනුව වන අතර මරියානා බුඩනෝව්ගේ සිරුරේ බැර ලෝහ තිබී හමුවුණු බවට වෛද්‍යවරුන් පවසා තිබේ.
වෛද්‍යවරුන් සැක කර ඇත්තේ ආහාර මඟින් ඇගේ සිරුරට විෂ ඇතුළු වන්නට ඇති බවටයි.