ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇතිකරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තාවකාලික සටන් විරාමය අද (29) අවසන් වීමට නියමිතව ඇති අතර සටන් විරාමය තවත් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සාකච්ඡා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
තාවකාලික සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් වන අතර අද (29) දිනයේ දෙපාර්ශවය අතරේ සාකච්ඡා දෝහා නුවරදී පැවැත්වෙන බව සඳහන් .