පුස්සැල්ලාව, මායිප්පල ප්‍රදේශයේ දී විදුලිසැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ .
එළවළු කොටුවක් සතුන් ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 02යි මාස 08ක් වයසැති කුඩා දැරියක් සහ 32 හැවිරිදි පුද්ගලයෙකි.














































