විපක්ෂය සති දෙකක් හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කඩේ යවා දැන් ඔහු පොදු අපේක්ෂකයා වේයැයි සිතා සජිත් ප්‍රේමදාස කලබලයට පත්ව ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (30) ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පොහොට්ටුව හොරු සමඟ දේශපාලනය නොකරන බවයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
“රට බංකොලොත් කියලා උදේ ඉදන් ජප කරනවා. රට බංකොලොත් කළේ විපක්ෂයයි.පසුගිය සති දෙකම රොෂාන් රණසිංහ ඇමතිතුමා කඩේ ඇරලා නැති කළා. දැන් පොදු අපේක්ෂක වේවි කියලා බයේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක කියලා දානවා . “














































