තම දියණියට වසර 02ක පමණ කාලයක් ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා කම්කරුවෙකු කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විතිකුලිය, වන්නිගම පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.
ඔහු වව්නියාව, පම්පෙමඩුව 17 වන පාබල හමුදා කඳවුරේ කම්කරුවෙකු ලෙස සේවය කරන අයෙක් බව සඳහන් .
වාර්තා වන ආකාරයට වයස 12ක් වන දියණියට සැකකරු විසින් වසර 02ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදු කරන බවට කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරක් ලැබී තිබේ . එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කොබෙයිගනේ පොලීසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව සිදු කළ විමර්ශන හරහා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
අතවරයට පත්ව ඇති බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .














































