පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් එළඹෙන ජනවාරියේ එළිදකින නව දේශපාලන සන්ධානයේ කටයුතු මේ දිනවල ඉතා යුහුසුලුව සිදු වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ .
එම සන්ධානයේ මූලික සංවිධාන කටයුතු ලෙස, එහි හවුල්කාරී පක්ෂ ලෙස එක් වන සියලු දේශපාලන සංවිධාන සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර මේ වන විට එම සන්ධානය සඳහා වන මැතිවරණ ලකුණ ද තෝරා අවසන් බව සඳහන් .
ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී ප්‍රබල දේශපාලන ධාරාවන් කිහිපයක්ම කැමැත්ත පළකර ඇති බවත් , දැනට පොහොට්ටුවට සම්බන්ධ වෘත්තීය සමිති 37ක් නව සන්ධානය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ .














































