සෞඛ්‍ය සේවක වැඩවර්ජනය අද (10) දිනයේ අඛන්ඩව සිව්වන දිනටත් ක්‍රියාත්මක කර ඇත.
ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන ලද්දේ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වන අතර සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තව දුරටත් අද (10) දිනයේ සිට තීව්‍ර කරන බවයි.
ඒ අනුව මාතර, බදුල්ල, මහියංගනය ඇතුළු දිස්ත්‍රික්ක 06ක් මුල් කරගනිමින් අද (10) පෙරවරු 11.00 සිට පස්වරු 1.00 තෙක් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවීමට නියමිත බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රකාශ කරයි.
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කර ඇති මෙම වැඩ වර්ජනය සිය ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර ඇත.














































