ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිණට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇයට පැවති රෝග ලක්ෂණ හේතුවෙන් සිදුකරන ලද කොවිඩ් පාරීක්ෂාවේ දී කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති බවයි.
මේ වන විට රැජිණ සිය මාළිගාව තුළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් මෙනිසා රැජිණගේ නෝර්වේ සංචාරය ද අවලංගු කර ඇති බව ද වාර්තා වේ.















































