English
සිංහල
00:04 අඟහරුවාදා, ජූනි 16, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව පනතක් ගෙන එනවා – විජයදාස රාජපක්ෂ.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුවීම තුළින් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා
    මෙසේද පැවසීය.

    අධිකරණ අමාත්‍යාංශය යටතේ ආයතන 21ක වගකීම පැවරී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම, නීති ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළු විෂයන් ගණනාවක් ඊට ඇතුළත්ව තිබෙනවා. මෙරට අධිකරණ තුළ ලක්ෂ 11කට අධික ප්‍රමාණයක නඩු කටයුතු තිබෙනවා. අධිකරණවල පවතින මෙම නඩුවල ප්‍රමාදය වළක්වා ගැනීමට පසුගිය කාලසීමාව තුළ විශාල වැඩකොටසක් සිදු කරමින් තිබෙනවා. සමථ මණ්ඩලවලින් ද ඇතැම් නඩු විසඳීමට පියවර ගනිමින් තිබෙනවා.

    අපරාධ නඩු කඩිනමින් විසඳීමට ලෝකයේ පිළිගත් ක්‍රමවේද තිබෙනවා. නමුත් අප රටේ පවතින්නේ ඉතාමත් යල්පැනගිය නීති රාමුවක්. එම නිසා අපරාධ නඩුවක් අවසන් කිරීමට විශාල කාලයක් ගත වෙනවා. අපරාධ නඩු ප්‍රමාද වීම බරපතල ප්‍රශ්නයක්. ඒ නඩු ප්‍රමාද වීම තුළින් කාටවත් යුක්තියක් ඉටු වෙන්නේ නැහැ. මේ නිසා දෙපාර්ශ්වයම එකඟතාවකට ඇවිත් අඩු දඬුවමකට යටත්ව හෝ නඩුව අවසන් කරන්න පුළුවන්කම තිබෙනවා. එමගින් සියලුම දෙනාටම යම් වාසියක් අත් වෙනවා.

    අපරාධ නඩු කඩිනමින් විසඳීම සඳහා සකස් කළ නීති කෙටුම්පත එළැඹෙන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඇතැම් දියුණු රටවල්වල සුළු වරද කරන පුද්ගලයන් සිරගත කරන්නේ නැහැ. බොහෝ අය සිරගත වෙන්නේ ඔවුන්ගේම වරදින් නෙමෙයි. සමාජයේ වැරදි නිසාත් ඇතැම් අය සිරගත වෙනවා. මේ නිසා ඇප කොන්දේසි සහිතව ඔවුන්ට නිදහස ලබාදීමට හැකියාව පවතිනවා.

    අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ පැමිණිලි 14,000 ක් පමණ පවතිනවා. අප මේ අමාත්‍යාංශය භාර ගන්නා විට එම පැමිණිලිවලින් විමර්ශන කටයුතු අවසන් කර තිබුණේ 62ක් පමණයි. අද වන විට එම පැමිණිලි 4795ක විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා. අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලැබී තිබෙන සියලු පැමිණිලි ලබන වසර වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට නව පනත් අටක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කිව යුතුයි.

    ‘සංහිඳියා’ සමාජයක් සෑම ගමකම නිර්මාණය කිරීමට පියවර ගන්නවා. එම ‘සංහිඳියා සමාජය’ට රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් සම්බන්ධ කර ගන්නේ නැහැ. ගමේ සිටින වැඩිහිටියන්, ප්‍රභූවරු, ආගමික නායකයන්ට අවශ්‍ය ආකාරයට තමයි එම සිංහිඳියා සමාජවල වැඩකටයුතු සිදුවන්නේ. ගමට පාරක් හදන්න, විදුලිය දෙන්න දේශපාලනඥයන් අවශ්‍ය නැහැ. ගමේ ආගමික උත්සව, ක්‍රීඩා උත්සව, සංස්කෘතික උත්සව සංවිධානය කරන්නෙත් ගමේ අයයි. අපේ බලාපොරොත්තුව සෑම ග්‍රාමසේවක කොට්ඨාසයක්ම එකම ජාලයක් බවට පත් කිරීමයි. සංහිඳියා සමාජයට කවුරුත් ඇඟිලි ගහන්න බැහැ. ගම ආරක්ෂා කර ගැනීමත් මේ සංහිඳියා සමාජයට පැවරෙනවා.

    අද කවුරුත් රටේ ආර්ථිකය ගැන කතා කරනවා. රටේ ආර්ථිකය කඩාවැටීමට බලපෑ කරුණු කිහිපයක් තිබෙනවා. ප්‍රභාකරන්ගේ යුද්ධය නිසා රටට අහිමි වූ ජීවිත හා දේපළ අතිවිශාලයි. ඒ වගේම එදා ජවිපෙ විසින් බස්, ට්‍රාන්ස්පෝමර් ගිනි තිබ්බා. අධිකරණ 25කට වඩා ගිනිතබා විනාශ කළා. ඒවා ගිනිතබා විනාශ නොකළා නම් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය මීට වඩා‌ වෙනස් වෙන්න තිබුණා.

    ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ රටට මහත් පිළිකාවක් බවට පත් වෙලා තිබෙනවා. කිසිම නීතියක්, නියාමනයක් නැහැ. මහ බැංකුවේ ලියාපදිංචි වෙලත් නැහැ. පිළිගත් මූල්‍ය ආයතනවලින් ජනතාවට ණයක් ගන්න අපහසුයි. ඒවායේ නීතිරීති වැඩියි. ජනතාව වැඩි වශයෙන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ණය ලබා ගන්නේ ඒ නිසයි. මහ බැංකුව වෙනුවට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සිදුකරන බරපතල තවදුරටත් සිදුකිරීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මේවා පාලනය කිරීමට නව නීති පනත් ගෙන ඒමට ද කටයුතු කරනවා.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version