රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මියගොස් ඇතිබවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මේජර් ජෙනරාල් ව්ලැදිමීර් සැවැඩ්ස්කි රුසියානු 14වැනි හමුදා සේනාංකයේ නියෝජ්‍ය අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.
යුක්‍රේනයේ සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමක් අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්ව තිබූ බව සදහන්.
යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියානු හමුදාවේ උසස් නිලධාරීන් 12 දෙනෙක් යුද පිටියේදී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.















































