අද (12) ඉන්දියාවේ දී ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇතුළත් වේ.
එමෙන්ම ලොව අංක එකේ 20-20 පන්දු යවන්‌නා වන ශ්‍රී ලංකාවේ වනිදු හසරංග වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටියක මූලික වටිනාකමක් ලබාදී ඇත.
විශේෂත්වය වන්නේ මෙම වෙන්දේසිය සඳහා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ සහ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්ව තිබීමයි.














































