විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ වන විට යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කර සොයාබලමින් සිටින බවයි.
මේ වන විට යුක්‍රේනය තුළ පවත්නා ගැටුම්කාරී වාතාවරණය තුළ බොහෝරටවල් විසින් ය්‍රක්‍රේනයේ වෙසෙන එම රටවල වැසියන් ඉවත්වන ලෙසට දැනුම්දීම් කර ඇත.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු පමණ යුක්‍රේණය තුළ සිටින අතර ඉන් හත්දෙනෙකු සිසුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මේ වන විට ඔවුන් කිසිදු ගැටලුවකින් තොරව එරට තුළ රැඳී සිටින බව එම අමාත්‍යංශය පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් යුක්‍රේනයේ නොමැති වුවද තුර්කියේ අන්කාරා හි පිහිටි තානාපති කාර්යාලය හරහා එම කටයුතු මේ වනවිට සිදු කෙරෙන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එම ශ්‍රී ලාංකිකයින් ඉවත් කරගැනීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට සිදුකරමින් පවතින බවයි.