නගර සභා, මහ නගරසභා හැටපහක් තුළ මෑතදී කරන ලද යාචකයන් පිළිබඳ සිදු කළ සමීක්ෂණයකදී කොළඹ ප්‍රදේශයට පැමිණ අති යාචකයන් සංඛ්‍යාව 1003 දෙනකු බවට හෙළිව තිබේ.
අදාළ නගර සභා මහ නගරසභා ආසන්නයේ සිටින යාචකයන් සංඛ්‍යාව 3,661ක් බවටද හෙළිව ඇතැයි සමාජසේවා දෙපාර්තමේන්තුවේ සඳහන් කරයි.
එම සංඛ්‍යාව අතරින් බස්නාහිර පළාතේ පමණක් යාචකයන් 1,618ක් සිටින බව සඳහන්.
පසුගිය කොරෝනා වසංගතයෙන් පසු ඇතැම් පවිත්‍රතා ආයතන වැසී යෑමත් සමග එම ආයතන සේවක පිරිස්ද යාචකයන් අතරට එක්ව ඇති බවට හෙළිව තිබේ.
කොළඹ විදුලි සංඥා පුවරු අසල සිටින යාචකයන් වැඩි දෙනකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවද සමීක්ෂණ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
යාචකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට පිහිටුවා ඇති රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 500කට අධික පිරිසකගෙන් පිරී පවතින බවත්, මෙතෙක් එහි පාලනය දකුණු පළාත් සභාව විසින් සිදුකළ නමුත් එය ලබන ජනවාරි 02 වැනිදා සිට මධ්‍යම රජය යටතට ගන්නා බවද සමාජ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.














































