සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව මෙම සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු අමාත්‍යවරයා විසින් ජනක ධර්මකීර්ති මහතාට පවරා ඇත.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා අද දින (18) මිල්කෝ සමාගමේ සභාපති ධුරයේද වැඩ කටයුතු ආරම්භ කළ බව සදහන්.
වර්තමානයේ ආයතනයේ සේවක අතෘප්තිමත්භාවය ඉහළයාමත් , එමගින් මිල්කෝ සමාගමේ නිෂ්පාදන ඵලදායිතාවය පහළ යාමත් සැළකිල්ලට ගනිමින් මෙම පත් කිරීම සිදු කරන බවට ද අමාත්‍යවරයා විසින් නව සභාපතිවරයා පත් කිරීමේ ලිපියේ සඳහන් කර ඇත.














































