අද (17) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇත.
එම විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමේ අරමුණ වී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කර ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති වැටුප් විෂමතාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කරයි.